සහතික මිලට වට්ටක්කා රජයෙන් මිලදී ගනී

සහතික මිලට වට්ටක්කා මිලදී ගැනීම යටතේ එක් ගොවියෙකුගෙන් පළමු අදියරේදී කිලෝ එක්දහස් පන්සියක ප්‍රමාණයක් මිලදී ගැනීමට රජය තීරණය කර තිබේ.

ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා මෙම මිලදී ගැනීම සිදුකරන අතර මෙහිදී වට්ටක්කා කිලෝවක් රුපියල් තිහක (රු. 30/-) මුදලකට මිලදී ගන්නා බවද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙලෙස මිලදී ගන්නා වට්ටක්කා රජයේ ආයතන හරහා ජනතාවට සාධාරණ මුදලකට අලෙවි කිරීමට තීරණය කර තිබේ.

අවශ්‍ය නම් පෞද්ගලික අංශයට රජය මිලදී ගන්නා වට්ටක්කා තොග හෝ රජයේ මිලට හෝ ඊට වැඩිමිලකට වෙළෙඳුන්ගෙන් මිලදී ගත හැකි බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.

සහතික මිලට වට්ටක්කා මිලදී ගැනීම ඊයේ නොච්චියාගම, විලච්චේන ප්‍ර‘දේශවලින් ආරම්භ කර තිබේ.

මීට අමතරව නාඩු වී කිලෝවක් රුපියල් 38කටත්, සම්බා වී කිලෝවක් රුපියල් 41ක මිලකටත්, උඳු නෙළන නිසා විදේශ රටවලින් උඳු ආනයනය කිරීමට නවතා දැමීමටත් කෘෂිකර්ම අමාත්‍ය පී.හැරිසන් මහතා තීරණය කර ඇත.

අතරමැදියන්ට ගොවියා සූරාකෑමට ඉඩලබා නොදෙන බවද වට්ටක්කා මිලදී ගැනීමේ රජයේ වැඩපිළිවෙළ ආරම්භ කරමින් ඊයේ (20දා) සඳහන් කළේය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *