විලාසිතා දැක්මට ආ ආගන්තුක සුනඛයා

ඉන්දියාවේ පැවති විලාසිතා දැක්මකට අනාරාධිතව පැවති අමුත්තෙකු පිළිබඳව කාගේත් අවධානය යොමු වී ඇත.

ඉන්දියාවේ මුම්බායි නගරයේ පැවති විලාසිතා දැක්මකට ආගන්තුකයෙකු වූ මෙම සුනඛයා සමාජ මාධ්‍ය තුළ මෙන්ම ජාත්‍යන්තර මාධ්‍ය තුළද සුවිශාල ප‍්‍රසිද්ධියක් හිමිකර ගැනීමට සමත් වුණි.

බ්ලෙන්ඩර්ස් ප්‍රයිඩ් විලාසිතා දැක්මේ කැට්වෝක් සංදර්ශනය සඳහා වෙන් වූ වේදිකාවේ එම සුනඛයා මෙලෙස ඇවිද ගියේ කාගේත් අවධානය දිනාගනිමිනි.

කෙසේ වෙතත් සුනඛයා මෙම ස්ථානයට පැමිණ ඇත්තේ කුමන ස්ථානයක සිටද යන්න මෙතෙක් අනාවරණය වී නැත.

මෙම විලාසිතා දැක්මට බොලිවුඩයේ ජනප්‍රිය නළු නිළි යුවලක් වන සිද්ධාර්ථ් මලහෝත්‍රා සහ ඩයනා පෙන්ටි ද එක්ව සිටියා.

ඔවුන් හැඩගන්වා තිබුණේ ඉන්දියාවේ සුප්‍රකට ඇඳුම් නිර්මාණ ශිල්පියෙකු වන රෝහිත් බාල් විසිනි.

මේ අතර විලාසිතා දැක්මේ අනාරාධිත අමුත්තෙකු වූ සුනඛයා පිළිබඳව අදහස් දක්වමින් පෙන්ටි කියා සිටියේ එය ඉතාමත් ප්‍රියජනක අවස්ථාවක් වූ බවය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *