ජනපති අද පිලිපීනයට යයි

රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද(15) දිනයේ. පිලිපීනය බලා පිටත්ව යාමට නියමිතව තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ අද පෙරවරුවේ ජනාධිපතිවරයා පිලිපීනය බලා පිටත්ව යාමට නියමිත බවයි.

පිලිපීන ජනාධිපතිවරයාගේ ආරාධනයකට අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම රාජ්‍ය සංචාරයේ නිරත වීමට නියමිතව තිබේ.

ලබන 19 වන දින දක්වා ජනාධිපතිවරයා පිලිපීනයේ රැදී සිටීමට නියමිත බව වාර්තා වෙයි.

මෙම සංචාරය තුළ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පිලිපීන ජනාධිපතිවරයා ඇතුළු එරට ඉහළ පෙළේ නියෝජිතයින් සමඟ ද්වීපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට ද සැලසුම් කර තිබේ.

මෙරට ජනාධිපතිවරයෙකු පිලිපීනයේ සංචාරයක නිරත වන ප්‍රථම අවස්ථාව මෙය වීම ද විශේෂත්වයක්.

මේ අතර ස්වාධීන වෘත්තිමය පොලිස් සේවාවක් සඳහා ප්‍රකාශිත පොලිස් කොමිෂන් සභාවේ ජයග්‍රහණ වාර්තාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිළිගන්වා තිබේ.

ජාතික පොලිස් කොමිසමේ සහභාපති පි.එච්.මනතුංග මහතා විසින් ඊයේ(14) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී එම වාර්තාව ජනාධිපතිවරයා වෙත පිළිගැන්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ජාතික පොලිස් කොමිසම ස්ථාපිත කළ දිනයේ සිට මේ දක්වා එහි කටයුතුවල ප්‍රගතිය මෙම වාර්තාවට ඇතුළත් කර තිබේ.

Sharing is caring!

2 comments on “ජනපති අද පිලිපීනයට යයි

  1. ekek thawa ekekuta keliyata aaradana karagena me minissu rata yanawa, giwisum atsan karanawa, mokuth lebune nehe, rate rupiyala winasa kal mun rata kamin sura sepa windinawa api murunga kola kanawa. nodokin hena wedewa

  2. ane palayalla ape rate koti ganan mun rata sawariwalata wiyadam kala. api duk windinawa THAILANTHAYE, PILIPEENAYE PARAWLATH LSSANA KELLO HOTALWALA DORATA GAHANAWAA PALAYALLA APE SALLIWALIN NEDA LINGA WENASEWA………..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *