ලංකාවේ බොබ්මාලේ වෘත්තියෙන් ගුරුවරයෙක්

2013 වසරේ ජාතික තරුණ සේවා සභාවේ හා යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමත්‍යාංශය මගින් සංවිධානය කරන ලද යෞවනයේ මහා කලඑළි මංගල්‍ය හා 34 වැනි ශ්‍රී ලංකා ජාතික සම්මාන උළෙලේදී සිංහල මාධ්‍ය කෙටි නාට්‍ය නිෂ්පාදනයට හිමි සම්මානය දිනාගත්තේ කෝරළගේ සමන් නම් නිෂ්පාදකවරයායි.

එම වර්ෂයේ එම සම්මාන උළෙලේ එම නාට්‍ය සඳහා සම්මාන අටක් ලබාගැනීමට හැකිවීමම කෝරළගේ සමන් ලද සුවිශේෂි භාග්‍යයකි. නාට්‍ය නිෂ්පාදනයට රංගනයට අමතරව ඔහු වේදිකාව, ටෙලිනාට්‍ය සිනමාව හරහා පේ‍්‍රක්ෂකයා පිනවා ඇත. ඡුත්ත‍්‍රපාණි, ඉලවන් චෙයාස්, සන්නි යන වේදිකා නාට්‍ය, සිල්ලර කාසි, නිර්භීතයි අපි, කුඹියෝ, ඊළඟට මොකද වෙන්නේ, පැරිසියට යන පාර ආදී ටෙලි නාට්‍ය, ලොක්කා, ඌමි, ගින්නෙන් උපන් සීතල ඔහු රංගනයෙන් දායක වූ කලා නිර්මාණන්ය. මෙවර ඔහු දායක වී ඇත්තේ ප‍්‍රදීප් ධර්මදාස නිෂ්පාදනය කළ ත්‍රෛලෝකාහි බොබ්මාලේ චරිතයටය.

ගොඩනැගෙමින් පවතින සුනාමි ගම්මානයක වාසය කරන සර්ව ජාතික සර්ව ආගමික ජාතීන්ගේ සබැඳියාවන් හා ඔවුන්ගේ උපසංස්කෘතික අංගයන් නිරූපණය කරන ත්‍රෛලෝකා ඒ්කාකාරි නාට්‍ය කලාවෙන් මිදුණු වෙනස් මඟක ගිය නව නිර්මාණයකි. කුඩා සමාජ ඒකකයක පවතින සමීප සබඳතා, එකිනෙකාගේ සහයෝගයෙන් ගොඩනැගෙන සබැඳියාවන් හෝ දේශපාලන පටු අරමුණු නිසා එම සමාජයේ විටින් විට ඇවිලෙන ගිනි පුපුරු ත්‍රෛලෝකාහි අන්තර්ගත වෙයි.

මේ ත්‍රෛලෝකාහි පෙරළිකාර චරිතවක් වූ බොබ්මාලේ සඳැල්ලට පැවසූ අදහස් මෙසේය.

මම ගන්කේවල ප‍්‍රථමික විද්‍යාලයේ, දොළම්තලාව විද්‍යාලය, වීරසේකර විද්‍යාලය සහ කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලය කියන පාසල් හා විශ්විද්‍යාලවලින් අධ්‍යාපනය ලැබුවා. 10 වසර පන්තියේ ඉන්න කාලේ තරුණ බෞද්ධ නාට්‍ය උළෙලේ නළුවෙක් විදිහට තේරුණා.

හස්ති පෙරළිය නාට්‍යයේ හස්තියාට රඟපෑවේ මම. එම නාට්‍ය හොඳම නාට්‍ය හතරට එනවා. ඉන් මගේ කලාවට තිබූ ආශාව තවත් වැඩි වුණා. මම ප‍්‍රාදේශීය වශයෙන් කොත්මලේ සංසදයේ වැඩකළා. නුවරඑළිය සංස්කෘතික මණ්ඩලයේ නාට්‍ය උළෙලවල් වලට සම්බන්ධ වුණා. විශ්වවිද්‍යාලයට ආවාට පස්සේ හෙන්රි ජයසේන මහතාගේ කුවේණි වේදිකා නාට්‍යයටත් ඉන්පසු තවත් උදෑසනක් වේදිකා නාට්‍යයටත් සම්බන්ධ වෙන්න ලැබුණා. ඉන්දික ෆර්ඩිනෑන්ඩෝ මහතාගේ කලම්බෝ නාට්‍යයේ වේදිකා පරිපාලනය කළා.

මම 2011 වසරේ මගේම නාට්‍යයක් කළා. ඒ ‘පස්මහ බැලූම්’. එම නාට්‍යයත් යූත් නාට්‍ය උළෙලේ දෙවැනි ස්ථානය ලැබුවා.

ඊට පසු තමයි අජරාමර කළේ. 2012 දී නිෂ්පාදනය කළ එය සම්මාන 8ක් ලබාගත් කෙටි නාට්‍යයක් බවට පත්වුණා.

මම වෘත්තියෙන් ගුරුවරයෙක්. නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයේ සේවය කරනවා. ඒත් මගේ අපේක්ෂාව නළුකම. මාව කලාවට යොමු කළේ ගණිත විෂය ඉගැන්වූ ගුරුවරයෙක් වුණ එදිරිසිංහ සර්.

මගේ අලූත්ම අද්දැකීම බොබ්මාලේ චරිතය. බොබ්මාලේ කියන්නේ ජාතික සමගිය පිළිබඳ පණිවිඩයක් සමාජ ගත කරන යහපත් පුද්ගලයෙක්. ත්‍රෛලෝකාහි බොබ්මාලේත් ඒ බොබ්මාලේගේ බාහිර ස්වරූපය අනුකරණය කරනවා. ඒත් ඔහු ඇත්ත බොබ්මාලේගේ දැක්ම දන්නේ නෑ. ඒ නිසා ඔහු ඔහුගේ ප‍්‍රජාව අතර ගැටලූ ඇති කරනවා. ජාතිබේද අවුස්සලා සමගිය කඩා ඉහිරවනවා.

මට මේ චරිතය ගොඩනගාගන්න නාරද ධනන්ජය, ප‍්‍රදීප් ධර්මදාස, චින්තක හේමකීර්ති, කලන දසුන් සරා ඇතුළු සියලූ දෙනා උදව් කළා. කලාවට මම ආදරෙයි. ඉදිරියටත් හොඳ නිර්මාණවලින් පේ‍්‍රක්ෂකයා පිනවීම තමයි බලාපොරොත්තුව.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *