‘අමුඩේ ‍නොහොත් වස්ගීය’ට ඉහළ ප්‍රතිචාර

සමන් ලෙනින් විසින් ගායනා කරනු ලබන ඔහුගේ නවතම ගීතය වන ‘අමුඩේ නොහොත් වස්ගීය’ට මේ වන විට ඉහළ ප්‍රතිචාර ලැබෙමින් පවතී.

ඩිල්ෂාන් පතිරත්න විසින් රචනා කරන ලද මෙම ගීතය වර්තමානයේ නිතර ඇසෙන ගීතවලට වඩා වෙනස්, එම ගීත අභිභවා යාහැකි ගීතයක් ලෙසද පෙන්වා දිය හැකිය.

තමන්ට අකැමැති වන පෙම්වතියගේ මව, ඇයට වෙනත් විවාහයක් කර දීම සඳහා මනමාලයෙකු නිවසට කැඳවන අතර, එම විවාහය තීන්දු කිරීමට බාධා ඇතිවේවායි පතා තම දුක දරා ගන්නා පෙම්වතෙකු පිළිබඳ ‘අමුඩේ ‍නොහොත් වස්ගීය’ට ප්‍රස්තුතය වී ඇත.

මෙම ගීතයේ රචකයා වන ඩිල්ෂාන් පතිරත්න මෙම ගීතය හරහා ඔහුගේ මීට පෙර ජනප්‍රිය වූ ‘හිතින් යන අය අතින් අල්ලා’ නමැති ගීතයට වඩා බොහෝ ඉදිරියට පැමිණ ඇතැයි බොහෝ දෙනාගේ අදහස වෙයි.

ලාංකේය සංගීතයට අවශ්‍ය වන්නේ බහුශ්‍රැත හෝ අපභ්‍රංශ නොව, මෙවැනි සිතට දැනෙන නිර්මාණ බව මෙම ගීතය හරහා බොහෝ දෙනාගේ මතය වී ඇත.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *