දෙවැනි විශේෂ මහාධිකරණය සති දෙකකින්

බරපතල මූල්‍ය වංචා දූෂණ නඩු විභාග කිරීමේ දෙවැනි ත්‍රිපුද්ගල විශේෂ. මහාධිකරණය ඉදිරි සති දෙක ඇතුළත පිහිටුවන්නේ යැයි අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැතිනි තලතා අතුකෝරාල මහත්මිය මාධ්‍යට පැවසුවාය.

1978 අංක 2 දරණ අධිකරණ සේවා සංවිධාන පනතින් අධිකරණ ඇමැතිවරිය හැටියට තමාට පැවැරී ඇති බලතල යටතේ මෙම පිහිටුවීම සිදුකරන්නේ යැයි ද අතුකෝරාල මහත්මිය කීය.

විශේෂ මහාධිකරණය පිහිටුවන ස්ථානය සම්බන්ධයෙන් අවසන් තීරණයකට තවමත් පැමිණ නැතැයි කී ඇමැතිවරිය එය කොළඹ අධිකරණ බල ප්‍රදේශයේ පිහිටුවන්නේ යැයි ද පැවසුවාය.

අධිකරණ අමාත්‍යාංශය මගින් එය නිල වශයෙන් අධිකරණ සේවා කොමිසන් සභාවට භාරදෙන්නේ යැයි ද ඉන් පසු එහි භාරකාරිත්වය අගවිනිසුරුවරයා සතුවන්නේ යැයි ද තලතා අතුකෝරාල මහත්මිය සඳහන් කළාය.

විශේෂ මහාධිකරණ පිහිටුවීමේ සංශෝධන පනත් කෙටුම්පත පසුගිය වසරේ මැයි 9 වැනිදා ව්‍යවස්ථාදායකයේ වැඩි ඡන්දයෙන් සම්මත වූ අතර ඊට අනුව එහි පළමු විශේෂ මහාධිකරණය පසුගිය වසරේ අගෝස්තු 21 වැනිදා පිහිටුවිණි.

දණ්ඩ නීති සංග්‍රහට යටතේ ගැනෙන වැරදි විභාග කිරීමට මෙම මහාධිකරණවලට බලය හිමිවන අතර ඒ අනුව අල්ලස්, සාපරාධී විශ්වාසය කඩ කිරීම, මූල්‍ය අපහරණය, මූල්‍ය විශුද්ධිකරණය, ත්‍රස්තවාදී කටයුතු සඳහා මුදල් යෙදීම, සංවිධානාත්මක අපරාධ සහ මහජන දේපල අවභාවිතයට අදාල පැමිණිලි විභාග කිරීම එහිදී සිදුවේ.

Sharing is caring!

One comment on “දෙවැනි විශේෂ මහාධිකරණය සති දෙකකින්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *