මහින්ද පන්සල්වල කියන දේ නෙමෙයි පාර්ලිමේන්තුවේ කියන්නේ

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන්. පන්සල්වල කරන කතාවට හාත්පසින්ම වෙනස් කතාවක් පාර්ලිමේන්තුවේදී සිදු කරන බව තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ. හලීම් මහතා පවසයි.

අමාත්‍ය හලීම් මහතා මේ අදහස් ප්‍රකාශ කළේ අද 12 වනදා මහනුවර මාවිල්මඩ පිහිටි එජාප ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදීය.

මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ අමාත්‍ය හලීම් මහතා පැවසුවේ පාර්ලිමේන්තුව ව්‍යවස්ථාදායක සභාවක් වශයෙන් රැස්වූ අස්ථාවේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා රටේ ඒකීය භාවය ආරක්ෂා කර ගනිමින් බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබා දෙමින් කටයුතු කරන බව පැහැදිලිවම ප්‍රකාශ කළ බවයි.

එහිදී විපක්ෂ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ සියලු ආගම්වලට සමානව සලකන්න කියලත් ආගම් අතර බේද ඇති වන ආකාරයට වැඩ නොකළ යතු බවත්ය.

ඒ ප්‍රකාශයට අගමැතිවරයාද එකඟ වු බවත් , තමන් සිතන පරිදි පාර්ලිමෙන්තුවේ කතා කරන විදිහට වැඩ කළොත් රටට වැඩි සෙතක් වනු ඇති බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *