නාවික හමුදාපති අගරදගුරු හිමියන් හමු වෙයි

නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියාල් ද සිල්වා මහතා අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් හමුවී තිබේ.

නාවික හමුදාව සඳහන් කළේ අද(12) පෙරවරුවේ කොළඹ අගරදගුරු නිල නිවසේදී එම හමුව සිදු වු බවයි.

එහිදී නාවික හමුදාපතිවරයා කාදිනල් රංජිත් හිමිපාණන් සමඟ සුහද පිළිසදරක නිරත වී ආශිර්වාද ලබා ගෙන තිබේ.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා කාදිනල් හිමිපාණන් වෙත සමරු තිළිනයක් ද ප්‍රධානය කල බව නාවික හමුදාව සඳහන් කළේය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *