ජනාධිපතිවරණ අපේක්ෂකයා ගැන මේ වන තෙක් තීරණයක් ගෙන නෑ

ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් මේ වන තෙක් තීරණයක් ගෙන. නොමැති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

කොස්ගම ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්න කිහිපයකට පිලිතුරු දෙමින් දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා මෙම අදහස් පල කළේය.

එක් එක් පක්ෂවල එක් එක් මත පවතින බවත් එම එකඟ වීම් තුලින් තීරණයකට එළඹීම සිදු වන බව සියලුම නායකයින් කිහිප වතාවක් ප්‍රකාශ කර ඇති බවත් මන්ත්‍රීවරයා පැවසිය.

ඒ අනුව තවමත් අවසන් තීරණයකට එළඹීම සිදු කර නොමැති බවත් ඔහු පැවසීය.

ජනාධිපතිවරණය මේ වසරේ නොවැම්බර් මස පැවැත්වීමට නියමිතව ඇති බවත් පැවසීය.

එසේම ආණ්ඩු බලය ආරක්ෂා කර ගැනීම සඳහා අග්‍රාමාත්‍යවරයා විසින් ද්‍රවිඩ ජාතික සන්ධානයට අවශ්‍ය පරිදි නව ව්‍යවස්ථාව සැකසීමේ උත්සහයක නිරත වන බවද මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

එක්සත් ජාතික පක්ෂයට තවමත් තනිවම ආණ්ඩුවක් තබා ගත නොහැකි බවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන්ද කිහිපදෙනෙකු රැගෙන ආණ්ඩුව ගෙන යෑම සිදුකර තිබූ බවත් පැවසීය.

මේ වන විට ඔවුන් ද්‍රවිඩ සන්ධානයේ පිහිට පැතීම සිදු කරන බවද පැවසීය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *