අමෙරිකානු ජනපති දේශසීමා නිරීක්ෂණ චාරිකාවක

දේශසීමා ප්‍රාකාරයක් ඉදිකිරීම සම්බන්ධයෙන් ඇති වූ මත ගැටුමක් හේතුවෙන් පසුගිය දින කිහිපය පුරාවට නිරන්තර කතාබහට ලක්වූ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අමෙරිකාව සහ මෙක්සිකෝව අතර දේශසීමාවේ සංචාරයක නිරතවිය.

අමෙරිකාව සහ මෙක්සිකෝව අතර දේශසීමාවේ ප්‍රාකාරයක් ඉදිකිරීම වෙනුවෙන් දැවැන්ත පරිශ්‍රමයක යෙදී සිටින අමෙරිකානු ජනාධිපතිවරයා දෙරට අතර දේශසීමාවේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

සංචාරය අරඹමින් ටෙක්සාස් ප්‍රාන්තයේ රියෝ ග්‍රාන්ඩේ වෙත පැමිණි ජනාධිපතිවරයා, එහි රඳවා සිටින දේශසීමා ආරක්ෂකයන් සමගින්ද කෙටි පිළිසඳරකද නිරත වී තිබේ.

දේශසීමා ප්‍රාකාරය වෙනුවෙන් ප්‍රතිපාදන සැපයීම සඳහා වන එකගතාවකට පැමිණීමට කොන්ග්‍රසය අපොහොසත් වුවහොත් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඒ සඳහා අවශ්‍ය මුදල් වෙන්කරගන්නා බව ඊට පෙර ජනාධිපතිවරයා නැවතත් ප්‍රකාශ කළේය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *