මැදිරිගිරිය ප්‍රාදේශීය සභාවේ ගුටි බැට හුවමාරුවක්

පොලොන්නරුව දිස්ත්‍රික්කයට අයත් මැදිරිගිරිය ප්‍රාදේශීය සභාවේ නව වසරේ පළමු රැස්වීම මැදිරිගිරිය ප්‍රාදේශීය සභා ශ්‍රවනාගාරයේදී ඊයේ පැවැත්වුන අතර එහිදී මැදිරිගිරිය ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස කටයුතු කරනු ලබන ශාන්ත වික්‍රමආරච්චි මහතා ප්‍රාදේශීය සභා කටයුතුවලදී එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව කටයුතු කිරීමට එරෙහිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු පිරිසක් සභා රැස්වීමේදී තම විරෝධය ප්‍රකාශ කර සිටි අතර ඊට පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු පිරිසක් තම විරෝධය ප්‍රකාශ කළහ.

සභාපතිවරයා සභාවේ න්‍යාය පත්‍රයේ කටයුතු කලින්ම අවසන් කර සිටි අතර ඒ අතරවාරයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරයෙකු හා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු දෙදෙනෙකු අතර ඇති වූ උණුසුම් වචන හුවමාරුවක් දුර දිග ගොස් දෙදෙනා අතර සභා ගැබ තුල ගුටි බැට හුවමාරුවක් සිදු විය.

පසුව මැදිරිගිරිය ප්‍රාදේශීය සභාවේ අනෙකුත් මන්ත්‍රීවරු හා සභාවේ සේවක මණ්ඩලය මැදිහත් ව මන්ත්‍රීවරුන් දෙදෙනා එම ගැටුමෙන් ඉවත් කිරීමට කටයුතු කරනු ලැබීය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *