කතුන් දෙදෙනෙක් ඝාතනය වෙයි

දික්වැල්ල සහ අයගම ප්‍රදේශවලදී කාන්තාවන් දෙදෙනෙකු ඝාතනය කර තිබේ.

ඊයේ(10) රාත්‍රී දික්වැල්ල, කෝට්ටේගොඩ ප්‍රදේශයේදී දෙපාර්ශවයක් අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් සිදුවූ අලවංගුවකින් පහරදීමකින් 26 හැවිරිදි කාන්තාවක් මියගොස් ඇති බව පොලීසිය පැවසීය.

ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර අයගම, වතුකාරගම ප්‍රදේශයේ නිවසක් තුළදී 83 හැවිරිදි කාන්තාවක් පහරදී ඝාතනය කර ඇති බව පොලීසිය පවසයි.

ඝාතනය සම්බන්ධයෙන් මියගිය කාන්තාවගේ පුත්‍රයා අත්අඩංගුවට ගෙන ඇති අතර මෘත ශරීරය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය අද(11) සිදු කිරීමට නියමිතයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *