අද සිට වැස්ස වැඩි වෙන ලකුණු

නැගෙනහිර, ඌව,මධ්‍යම, දකුණ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් වැසි තත්ත්වයේ වර්ධනයක් අද(11) දිනයේ සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නැගෙනහිර, ඌව, මධ්‍යමසහ උතුරු මැද පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

සබරගමුව සහ බස්නාහිර පළාත්වලත්ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම්සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

ඌව, මධ්‍යම,දකුණ සහ සබරගමුව පළාත්වලත් පොළොන්නරුව, මඩකළපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත්ඇතැම් ස්ථානවලට මි.මී. 100 ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

වයඹ සහ නැගෙනහිර පළාත්වලත් මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40 දක්වා තරමක් තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *