කැස්බෑ මස් තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

කැස්බෑ මස් කිලෝග්‍රෑම් 3යි ග්‍රැම් 185 ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා විසින් අත්අඩංගුවට ගෙ තිබේ.

ඊයේ(10) උතුරුමැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් වංකාලේයිපාඩු ප්‍රදේශයේ පාමුර සංචාරයක නිරතව සිටියදී සැකසහිත පුද්ගලයෙකු පරික්‍ෂාවට ලක්කර ඇති බව වාර්තා වෙයි.

එහිදී ඔහු සතුව තිබී කැස්බෑ මස් කිලෝග්‍රෑම් 3යි ග්‍රෑම්185 ක ප්‍රමාණයක් සොයා ගත් බව නාවික හමුදාව සඳහන් කළේය.

අදාළ පුද්ගලයා සහ කැස්බෑ මස් තොගය නාවික හමුදාභාරයට ගෙන ඇති අතර, වැඩිදුර නීතිමය කටයුතු සඳහා අදාළ පුද්ගලයා නාවික හමුදා විසින් පේසාලේ පොලීසිය වෙත බාර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පේසාලේ පොලීසිය විසින් සිදු කරයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *