කටුනායක ගුවන් තොටුපළේ විවේකාගාරයක අලුත් වැඩක්

කටුනායක ගුවන් තොටුපළේ තම ගුවන් ගමන් වාරය පැමිණෙන තෙක් බලා සිටින. ගුවන් මගීන්ට , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සෙරෙන්ඩිබ් ව්‍යාපාරික පංතියේ විවේකාගාරය තුළ දී නවතම සිනමා දර්ශන නැරඹීමේ අවස්ථාව සිට උදා කර දී තිබේ.

ඇමෙරිකානු සහ ප්‍රංශ සමාගම් එක්ව හදුන්වා දී ඇති නවතම ස්කයි ලයිට් (Sky Light ) තාක්ෂණය ඔස්සේ වර්චුවල් රියැලිටි (VR) සිනමා අත්දැකීම ගුවන් මගීන්ට ලබා ගත හැකි වේ.

මේ මගින් අති නවීන ඩිජිටල් තාක්ෂණය උපයෝගී කර ගනිමින් ඇලෝ ස්කයි (Allo Sky ) සහ ස්කයි කිඩ්ස් (Sky Kids) හෙඩ් සෙට් මගින් නවතම චිත්‍රපට , ටෙලි නාට්‍ය 2D , 3D සහ අති නවීන 360 View තාක්ෂණය ඔස්සේ කුඩා දරුවන්ට මෙන්ම , වැඩිහිටි ගුවන් මගීන්ටත් නරඹා රස විදිය හැක.

ඉදිරියේදී මෙම පහසුකම් දිගු දුර ගමනාන්ත කරා ගමන් ගන්නා ශ්‍රී ලන්කන් ගුවන් යානා වෙත ද හදුන්වා දීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවය බලාපොරොත්තු වේ .

මෙම ත්‍රිමාන එච්.ඩී (HD) සිනමා රසාස්වාදනය ආසියානු කළාපයට පළමුවෙන්ම හදුන්වා දී ඇත්තේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයයි.

ශ්‍රී ලන්කන් ගුවන් සේවය රටවල් 48 ක ගමනාන්ත 111 කරා නවීනතම එයා බස් ගුවන් යානා මගින් පියා සැරීම සිදු කරයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *