රනිල් නමට අගමැති-ඩිලාන් කියයි

වත්මන් ආණ්ඩුව දෙමළ ජාතික සන්ධානයේ උවමනාව මත කටයුතු කරන බව. ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා පැවසිය.

ඔහු පවසන්නේ නව ව්‍යවස්ථාවක් ගෙන ඒමේ සූදානම ද එහි ප්‍රතිඵලයක් බවයි.

කොළඹ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.

ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ රනිල් වික්‍රමසිංහ මහතා නමට අග්‍රාමාත්‍යවරයා වුවත් අග්‍රාමාත්‍යවරයාව මෙහෙයවීම සිදු කරන්නේ සුමන්තිරම් මහතා බවයි.

එසේම නිල අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා සිටියදී නිල නොවන අග්‍රාමාත්‍යවරයා වශයෙන් සුමන්තිරම් මහතා කටයුතු කරමින් සිටින බවත් ඔහු පැවසිය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *