ඥානසාර හිමිට නිදහස් දිනයේ පොදු සමාව දෙන්නැයි ඉල්ලයි

බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් වෙත. ලබන 4 වැනිදාට යෙදෙන ජාතික නිදහස් දිනයේ දී පොදු සමාව ලබා දෙන ලෙසට පැවිදිහඬ සංවිධානය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරයි.

රට, ජාතිය, ආගම වෙනුවෙන් උන්වහන්සේ සිදු කල කාර්යභාරය පිළිබඳ සළකා බලා මෙම තීරණය ගන්නා ලෙසට ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන බවද පැවදිහඬ සංවිධානයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවැසූහ.

පැවදිහඬ සංවිධානය නාරාහේන්පිට අභයාරාමයේදී අද (10) පැවැත්වූ ප‍්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව පැවැසූහ.

රටට අහිතකර ප‍්‍රකාශ සිදුකළ විජයකලා මහේෂ්වරන් මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීධුරය අහෝසි කරනවා වෙනුවට ඇයට අධ්‍යාපනය රාජ්‍ය අමාත්‍යධුරය පිරිනමා ඇති බවද සඳහන් කළ උන්වහන්සේ ඥාණසාර හිමියන් නිදහස් නොකරන්නේ නම් ඉදිරියේදි දැඩි පියවර ගන්නා බවද සඳහන් කළහ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *