ගෑස්-කිරිපිටි මිල ඉහළ දැමීමට අවසන් තීරණයක් නෑ

ගෑස් සහ කිරිපිටි මිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව වාණිජ හා කර්මාන්ත අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍යාංශයේ ලේකම් රංජිත් අශෝක මහතා සඳහන් කළේ ගැස් සහ කිරිපිටි මිල ඉහළ නැංවීමට සමාගම් විසින් ඉල්ලීමක් කර ඇති බවයි.

ලෝක වෙළෙදපලේ මිලත් සමඟ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අදාළ ඉල්ලීම සම්බන්ධයෙන් අධ්‍යයනය කරමින් සිටින බව ලේකම්වරයා පවසයි.

වාණිජ හා කර්මාන්ත අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍ය‍වේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් එම අමාත්‍යාංශ ලේකම් රංජිත් අශෝක මහතා මේ බව සඳහන් කළේය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *