නවසීලන්තයට ලකුණු 21 ක ජයක්

රී ලංකාව සහ නවසීලන්තය අතර තවුරංගාහිදී අද (5 වැනිදා) පැවැති දෙවැනි එක්දින තරගයේදී නවසීලන්ත කණ්ඩායම ලකුණු 21 ක ජයක් අත්කර ගත්තේය. මෙම ජයග්‍රහණයත් සමගින් තරගයක් ඉතිරිව තිබියදීම එක්දින තරගාවලිය ජයගැනීමට නවසීලන්ත පිලට හැකිවිය.

පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම නියමිත ඕවර 50 අවසානයේදී කඩුලු 7 ක් දැවී ලකුණු 319 ක් ලබාගත්තේය. තිසර පෙරේරා (140) ශතකයක් ලබාගත් නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමට ඕවර 46.2 කදී සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 298 ක් පමණි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *