ලංකාවට ලකුණු 372ක ඉලක්කයක්

සත්කාරක නවසීලන්ත කණ්ඩායම හා පැවැත්වෙන එක්දින තරගාවලියේ පළමු තරගයේ කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම සිය පන්දුවාර 50 තුළදි කඩුලු 7ට ලකුණු 371ක් රැස්කිරීමට සමත්විය.

විශිෂ්ඨ පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු මාටින් ගප්තිල් පන්දු 139කදී ලකුණු 138ක් රැස්කිරීමට සමත්විය. ඊට අමතරව නායක කේන් විලියම්සන් හා රොස් ටේලර් අර්ධ ශතක රැස්කිරීමට සමත්වූහ. ඉනිමේ අවසානයේදි ප්‍ර වේගකාරී පිතිහරඹයක නිරත වූ ජිමී නීශාම් පන්දු 13කදී හයේ පහර 6ක් සමගින් ලකුණු 47ක් රැස්කිරිමට සමත්විය.

ශ්‍රී ලංකා පන්දු යවන්නන් දැඩි ප්‍රහාරයකට ලක්වූ අතර මාලිංග, ප්‍රදීප් හා තිසර කඩුලු දෙක බැගින් දවා ගැනීමට සමත් වූහ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *