පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ ගැසට්ටුවට ඇති අතුරු තහනම දිනකින් දිගු කරයි

පාර්ලිමේන්තුව විසුරුවාහරිමින් හා මහ මැතිවරණයක් පැවැත්වීමට අදාළව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා. නිකුත් කළ ගැසට් නිවේදනයට අදාළ අතුරු තහනම තවත් දිනකින් දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ. ඒ අනුව හෙට (07දා) දක්වා ක්‍රියාත්මක වූ අතුරු තහනම 8 දා දක්වා දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කළේය.

ඒ පිළිබඳව ඉදිරිපත් වූ පෙත්සම් විභාගය තවත් දිනකින් දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කිරීම හේතුවෙන් මෙසේ අතුරු තහනම දිගු කරනු ලැබීය. අඛණ්ඩව පසුගිය 04 දා සිට පෙත්සම් විභාගය පැවැත්වුණ අතර එය හෙට දිනයේත් සිදුකිරිමට නියමිතය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *