ලොව සුප‍්‍රකට වික්ටෝරියා විල 29 දෙනෙකුගේ ජීවිත බිලි ගනී

ලොව සුප‍්‍රකට වික්ටෝරියා විලේ සිදු වූ බෝට්ටු අනතුරකින් පුද්ගලයින් 29 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. අනතුර සිදුවන අවස්ථාවේ පුද්ගලයින් 100කට ආසන්න සංඛ්‍යාවක් බෝට්ටුව තුළ සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

උගන්ඩාවෙන් විලට පිවිස ඇති බෝට්ටුව අනතුරට ලක්ව ඇත්තේ අයහපත් කාලගුණය හේතුවෙන බවට ද වාර්තා පළ වනවා. විනෝද චාරිකාවක් සදහා පැමිණි පිරිසක් මෙම අනතුරට මුහුණ පෑවා. අප‍්‍රිකාවේ පිහිටි විශාලතම විල ලෙස හැදින්වෙන්නේ වික්ටෝරියා විලයි.

Sharing is caring!