පරුෂ වචන කියමින් අසෝබනව හැසිරිලා..පහර දෙන්නත් ගිහින් – කුරුඳුවත්ත පොලීසියේදී යකා නැටූ අනෝමා ජනාදරීට අමතක නොවන නීති පාඩමක් පොලීසි‍යෙන්ම කියාදෙයි..!

අන්තර්ජාලයේ නිරුවත් ඡායාරූප පළකරමින් විටින් විට කතාබහට ලක්වන නිළියක වන අනෝමා ජනාදරිට කුරුඳුවත්ත පොලීසිය විසින් දැඩිව අවවාද කොට මුදාහැර ඇති බව මාධ්‍ය වෙත වාර්තාවනවා.

මීට හේතුව වී ඇත්තේ පසුගියදා ජාතික චිත්‍රපට සංස්ථාවේ පැවැත්වූ විශේෂ සිනමා දර්ශණයක් අවසානයේ ඇය සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකුට පහරදීමකට ගත් උත්සහායක් සම්බන්ධව අදාළ අධ්‍යක්ෂකවරයා කරන ලද පැමිණිල්ලකට අනුව කුරුඳුවත්ත පොලීසියට කැඳවූ අවස්ථාවේදියි.

එහිදී ඇය පොලිස් ස්ථානය තුළදීද කළහකාරි ලෙස හැසිරී ඇති අතර නීතිය ක්‍රියාත්මක කරන්නේ තමන් බවත් අනෝමා ජනාදරි නොවන බවත් එහිදී පොලීසිය දැඩිව අවවාද කොට ඇති බව වාර්තාවනවා.

මේ පිලිබඳව අප කළ සොයා බැලීමකදී අණාවරණය වූයේ දැවෙන විහඟුන් චිත්‍රපටයේ අධ්‍යක්ෂ සංජීව පුෂ්පකුමාර මහතාට අසභ්‍ය ලෙස බැන වැදී ඇය මෙලෙස පහරදීමට උත්සහ කළ බවයි.

ඇය රංගනයෙන් දායක වූ දැවෙන විහගුන් චිත්‍රපටයේ ගෙවීමට පොරොන්දු වූ මුදලක් ඔහු නොගෙවූ බවට චෝදනා කරමින් චිත්‍රපට සංස්ථාවේ පැවති සිනමා දර්ශණය අවසානයේ පරුෂ වචන කියමින් පහර දීමට තැත්කළ බවත් , ඇගේ අශෝභන හැසිරීම එතැන සිටි බොහෝ දෙනාගේ අප්‍රසාදයට ලක්වූ බවත් ආරංචි මාර්ග සඳහන් කරනවා.

කෙසේ නමුත් අනෝමා ජනාදරි සිදු කරන මෙම චෝදනාව සම්බන්ධයෙන් අපි කළ සොයා බැලීමකදී අනාවරණය වූයේ මෙම චිත්‍රපටයට රංගනයෙන් දායක වීම සඳහා ඇය ගිවිසුම් ගත වූ මුදලින් තුනෙන් දෙකක මුදලක් එනම් රුපියල් ලක්ෂ 10කට ආසන්න මුදලක් දැනටමත් ඇය වෙත ලැබී ඇති බවයි.

සාමාන්‍යයෙන් චිත්‍රපටයක් ප්‍රදර්ශණයක් අවසාන වූවායින් පසු ව මුදල් ලබාදීම සම්ප්‍රදාය බවත් එසේ තිබියදී ඇගේ බලවත් ඉල්ලීම මත මෙම මුදල චිත්‍රපට අධ්‍යක්ෂකවරයා විසින් ඇය වෙත ලබා දී ඇති බවත් වාර්තාවනවා.

ඇය මෙම චිත්‍රපටයට රංගනයෙන් දායක වීම සඳහා රුපියල් ලක්ෂ 15කට ගිවිසුම් ගතව ඇති බවත්, චිත්‍රපටයේ රූගත කිරීම් ආරම්භ වීමට පළමුව රුපියල් 225 000කද්, රෑගත කිරීම් අවසානයේ තවත් රුපියල් 150 000 ක්ද ලබාගෙන ඇති බවත් පසුගිය සැප්තැම්බර් මස 03වනදා මහජන බැංකුව චෙක්පත් අංක 372989 යටතේ තවත් රුපියල් 625 000 මුදලක් ලබාගෙන ඇති බවත් වාර්තාවනවා.

එමෙන්ම මෙම චිත්‍රපටයේ ඇය එකඟ වූ දර්ශණ කිරිමට පසුව ඇය අකමැති වූ බවත්, ගිවිසුම් ගතවූ කොන්දේසි කිහිපයක් ඇය විසින් කඩකර ඇති බවද තතුදත් අය පවසනවා.

එලෙස තිබියදී අනෝමා ජනාදරි කරන මෙම චෝදනාව ක්ෂේත්‍රයේ බොහෝ දෙනා බලවත් අප්‍රසාදය පළ කර ඇති බවත්, තමාට සිදුකළ අපහාසය සම්බන්ධයෙන් අනෝමා ජනාදරීට එරෙහිව නීත්‍යානූකූල පියවර ගැනිමට අධ්‍යක්ෂක සංජීව පුෂ්පකුමාර මහතා සූදානම් වන බවත් ආරංචි මාර්ග සඳහන් කරනවා.

Sharing is caring!