Gossip

මේ දවස්වල ගොඩක් අය මට බණිනවා

ගංගු රොෂානා කියන්නේ කාලයක් රසික හදවත් ආදරයෙන් වැළඳගත්ත ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඒත් අද ඒ ආදරේ කරපු අයම ගංගුට බණින්නට පටන් අරන්. ඒ ඇයි කියලා හරියටම දැනගන්න හිතාගෙන අපි ගංගුට කතා කළා.

මේ දවස්වල හුඟක් අය ගංගුට බණිනවා කියලා ආරංචියි?

ඒ කතාව ඇත්ත. ගොඩක් අය දැන් මට බණිනවා. ඒත් ඉතින් මම වරදක් කරලා නම් නැහැ. මොනවා කරන්නද? ආදරේ කරපු අය බැන්නට මම තරහා ගන්නේ නැහැ.

ඒ අය එහෙම බණින්නේ ඇයි කියලා ඔබ දන්නවාද?

මම ඒකට හේතුව සොයා ගත්තා. මේ දවස්වල මම හිරු ටී.වී. එකෙන් විකාශය වෙන “ආදරෙයි මම ආදරෙයි“ කියන හින්දි ටෙලි නාට්‍යයේ “තනු” කියන දුෂ්ට චරිතයට හඬ කවනවා.

ප්‍රේක්ෂකයෝ මේ චරිතයට කොහොමත්ම කැමති නැහැ. ඒ නිසා එයාලා මටත් බණිනවා.

ඔබ රංගනයට සමුදීලද හඬ කැවීම තෝරාගත්තේ?

නැහැ. මම රංගනය අතහැරලා නැහැ. නිළියක් විදියට වගේම හඬ කැවීම් ක්ෂේත්‍රය තුළිනුත් යම්කිසි දක්ෂතාවක් පෙන්වීමට හැකිවීම වාසනාවක් කියලා මට හිතනවා.

මේක ඔබේ මුල්ම හඬ කැවීම නේද?

නැහැ. මීට කලින් මම ‍පොඩි ‍පොඩි චරිත වෙනුවෙන් හඬ කැවීමේ යෙදිලා තියෙනවා. ඒත් මේ වගේ ප්‍රධාන චරිතයක් කරලා නැහැ. ඒ නිසා ඒක මට අලුත් අත්දැකීමක්.

හඬ කැවීමට වැඩිපුර හිත ගිහින් ඔබ රංගනයෙන් ඈත්වේවිද?

එහෙම වෙන එකක් නැහැ. කලාකාරිනියක් විදියට මුළු ජීවිත කාලයම ක්ෂේත්‍රයේ ඉන්නයි මට ඕනේ. මොකද මම මෙතැනට ආවේ බොහොම ළාබාල වයසේදීයි. ඒ වයසෙදී වෙන කිසිම දෙයක් ගැන හිතන්න මට තේරුමක් තිබුණේ නැහැ. ඒ නිසා සාමාන්‍ය යුවතියකගේ සිතේ තිබෙන හැඟීම් බොහොමයක් මගේ සිතට නොදැනුණු තරම්. ඒ තරමටම මම ජීවත් වුණේ රංගනයත් එක්කයි. ඉතින් ඒ නිසා මම රංගනය අතහරින්න කොහොමද? මගේ පවු‍ලේ අය පවා මේක මහ නිශ්ඵල දෙයක් කියද්දී මම කලාවේ රැඳිලා හිටියේ මම කලාවට ගොඩක් ආදරේ කරන නිසයි.

යුවතියකගේ සිතේ ඇතිවෙන හැඟුමන් රංගනය නිසා නොදැනුනා කියන දෙයින් ඔබ කියන්නට උත්සාහ කළේ ප්‍රේමය ගැනද?

ඔව්. මම උස් මහත් වෙන්නේ මේ කලාව ඇතුළෙයි. මගේ තාරුණ්‍යය ගෙවිලා ගියේ මේ කලා ලෝකයේ. ඒ දවස්වල පාස‍ලේදී පිරිමි ළමයි ගැන පවා මට විශේෂ හැඟීමක් ඇතිවුණේ නැහැ. හැමෝම කතා කරන ජනප්‍රිය චරිතයක් වෙලා හිටියත් මම අදටත් ආදරේ කියන දේ සීරියස් විදියට අරගෙන නැහැ.

දැන් යුග දිවියට ඇතුළත් වෙන්න කාලය හරි කියලා හිතෙන්නේ නැද්ද?

විවාහය කියන එකට සූදානමක් තියෙන්න ඕනේ. ඒත් අපේ රටේ දකින සම්ප්‍රදායක බිරිඳක් වෙන්න මට කිසිම වුවමනාවක් නැහැ. මම විවාහයක් ගැන තවම නොසිතන්නේ ඒ නිසා කියලයි මට හිතෙන්නේ.

More from Gossip

අපි ඔක්කොම ගස් – රසල්

ශ්‍රී ලංකා කණ්ඩායම හා ඇෆ්ගනිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන ලෝක කුසලාන තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩා වැටීම පිළිබඳව ට්විටර් සටහනක් තබමින් රසල් ආනෝල්ඩ් ප්‍රකාශ කරන්නේ “හරි අපි ඔක්කොම ගස්” යනුවෙනි. තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවිය. වර්ෂාව හේතුවෙන් තරගය නිමා කරන විට ශ්‍රී … read more

රාවණ 01 චන්ද්‍රිකාව 17දා කක්ෂගත කරයි

ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ පර්යේෂණ ඉංජිනේරුවන් දෙදෙනෙකු විසින් ජපානයේ ද සහයෝගය මත ජපානයේ ක්‍යුෂු තාක්ෂණික අධ්‍යයන ආයතනයේ දී නිර්මාණය කර දැනට ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ රඳවා තිබෙන රාවණ -1 නැනෝ චන්ද්‍රිකාව ජුනි මස 17 වැනිදා පෘථිවියට කිලෝමීටර 400 ක දුරින් පිහිටි … read more

මටත් පාසල් යන කාලයේ ප්‍රේමයක් තිබුණා

මේ දිනවල හිරු ටී.වී ඔස්සේ විකාශය වන, හුස්මක් තරමට ටෙලි නාට්‍යයේ අසේලි ලෙස ප්‍රේක්ෂකයන් හමුවට එන සචිනි රුවන්තිකා මෙරට ටෙලි නිළි පරපුරට එක්වූ අලුත් මුහුණක්. මෙය ඇගේ තුන්වැනි ටෙලි නාට්‍යය වුවත්, නිළියක් ලෙස තමන්ට වැඩිම ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමිවුණේ හුස්මක් තරමට … read more

බීබර් අතෑරලා වයස 68ක කෝටිපති තරුවක් බඳින්න යන සෙලීනා

Selena Gomez කියන්නේ ජනප්‍රිය තරු ලෝකය හොල්ලපු තාරකාවියක් කිව්වොත් හරි. වයස භේදයක් ගැහැණු පිරිමි භේදයක් නැතුව ලෝකය පුරාම Selenaට ප්‍රේක්ෂක ආදරය ලැබෙනවා කිව්වොත් හරියටම හරි.  මේ කියන්න යන්නේ Selena ගැන අලුත්ම අලුත් ආරංචියක්. ජස්ටින් බීබර් එක්ක කාලයක් පෙමින් වේලිලා හිටපු … read more

සාධාරණ මුදලාලිගේ භූමිතෙල් දන්සල ‌‌මෙවරත්

සාධාරණ මිලට ව්‍යාපාරික කටයුතු කරනගෙන යන නිසා සාධාරණ මුදලාලි නමින් ගම්වැසියන් හදුන්වන මහියංගණය කුරුවිතැන්න තිස්සහේවාවසම් මහතා විසින් පවත්වනු ලබන වෙසක් භූමිතෙල් දන්සැල 20 වරට මෙවර පැවැත්විණ . සාධාරණ ස්ටෝර්ස් ඉදරියේ සිට රිදීමාලියද්ද රිටිගහඅරාව ශ්‍රී වජිරවංශ ධර්මාශ්‍රමය දක්වා භූමිතෙල් බැරල් ප්‍රවාහණය … read more

ප්‍රහාර මාලාවේ ප්‍රධාන බෝම්බකරු බව සැලකෙන සහරාන්ගේ සහෝදරිය කියූ කතාව

පාස්කු ඉරිදා දිනයේ දේවස්ථාන හා හෝටල් සංකීර්ණ ආශ්‍රිතව සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවේ මහ මොළකරු ලෙස. සැලකෙන සහරාන් හෂීම් නැමැත්තාගේ සහෝදරිය බී.බී.සී පුවත් සේවයට සාකච්ඡාවක් ලබාදී ඇත. කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචිකාරියක වන ඇය ද ආරක්ෂක අංශවල ප්‍රශ්න කිරීම්වලට ලක්ව ඇති … read more

කෝට්ටේ නගරාධිපති සන්ෆලවර් සමග ඩ්‍රම්ස් ගහපු හැටි

කෝට්ටේ නගරාධිපතිවරයා සන්ෆලවර් සංගීත කණ්ඩායමේ ඩ්‍රම්ස් වාදන ශිල්පියා ලෙස කටයුතු කරන වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත එක් කර තිබෙනවා. නීල් වර්ණකුලසුරිය ප්‍රමුඛ සන්ෆ්ලවර්ස් සංගීත කණ්ඩායම සමග ඔහු ඩ්‍රම්ස් වාදනයේ යෙදී ඇත්තේ කෝට්ටේ ප්‍රදේශයේ පැවති සංගීත රාත්‍රියකදී යි. දේශපාලන ජිවිතයේ දී අත්විඳීමට … read more

රබන් ගසන-කැවුම් බඳින අපේ ජනපති

කොළඹ නිදහස් චතුරශ්‍රයේ ඇවිදින්නන්ගේ සාදර අනුග්‍රහයෙන් සංවිධානය කෙරුණු බක්මහ උළෙලක් එම පරිශ්‍රයේ දී ඊයේ දිනය පුරා පැවැත්විය. මෙම අවස්ථාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද ඊයේ (06) පෙරවරුවේ එක් විය. මේහිදී ජනාධිපතිවරයා විසින් කොණ්ඩ කැවුම් බඳින අවස්ථාවකටද එක් විය. සුවතා කවයේ … read more

සුප්‍රසිද්ධ නගර අඳුරු කරමින් සැමරූ ලෝක මිහිකත හෝරාව

ලොව සුප්‍රසිද්ධ නගර සහ ස්ථාන රැසක් අඳුරු කරමින් ලෝක මිහිකත හෝරාව සමරනු ලැබුවේය. ඒ පසුගිය (30) දිනයේදී ය. ලෝක පරිසර අරමුදලේ සංකල්පයකට අනුව 2007 වර්ෂයේ සිට ලෝක මිහිකත පැය සමරනු ලබයි. දේශගුණික විපර්යාස අවම කිරීම කෙරේ අවධානය යොමු කරගැනීම එහි … read more