Hot News

UNHRC ප්‍රධාන යෝජනා ලංකාව ප්‍රතික්ෂේප කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැචලේ විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සකස් කළ. වාර්තාව ඊයේ (20දා) නිල වශයෙන් සභාගත කිරිමට කටයුතු කළේය. ශ්‍රී ලංකාවේ යුද්ධයෙන් පසුව සංක්‍රාන්ති යුක්තිය ඉටුකිරීමට නිශ්චිත කාලරාමුවක් ස්ථාපත කරන ලෙස ඇය එහිදී සිය වාර්තාව ඉදිරිපත් කරමින් සඳහන් කළාය.

නිදහස් සත්‍ය හා ප්‍රතිසංධාන කොමිසමක් ඉදිරිපත් කිරිමට අවශ්‍ය නීති සම්පාදනය කිරිම මීළඟ වැදගත් පියවර ලෙස ඇය සඳහන් කළාය. ශ්‍රී ලංකාවේ ප්‍රතිසංවිධානය ප්‍රවර්ධනය කිරීම, වගවීම හා මානව හිමිකම් යන මැයෙන් ඇය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිය වාර්තාව ඉදිරිපත් කළාය.

ශ්‍රී ලංකාවේ සාමය ගොඩ නැගීම සඳහා අඛණ්ඩව සහාය දක්වන බවත් ඇය පැවැසුවාය. එසේම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වූ 30/1 යෝජනාව හා 34/1 යෝජනාවේ සඳහන් කරුණු තවමත් ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කිරීමට තිබෙන බවත් ඇය සඳහන් කළාය.

එසේම ශ්‍රී ලංකාව විසින් අතුරුදන් වූවන්ගේ කාර්යාලය ස්ථාපිත කිරීම අගය කිරිමට කටයුතු කළ ඇය වන්දි ගෙවීමේ කාර්යාලය ස්ථාපිත කරන ලෙසද සඳහන් කළය. ආරක්ෂක අංශ සතුව පවතින ඉඩම් නිදහස් කිරීමට කටයුතු කිරිම අගයකිරිමටත් ඇය කටයුතු කළාය.

යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත්කිරිම පත්කිරීම ජාත්‍යන්තර මානුෂීය නීතිය කඩ කිරීමක් ලෙස ඇය සදහන් කළාය.

ඇය වාර්තාව ඉදිරිපත් කිරීමෙන් පසුව ශ්‍රී ලංකාව වෙනුවෙන් කරුණු දැක්වූ විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා මහකොමසාරිස්වරිය සඳහන් කළ ප්‍රධාන කරුණු කිහිපයක්ම ප්‍රතික්ෂේප කළේය.
ඒ අතර මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයක් ලංකාවේ ස්ථාපිත කිරීමේ යෝජනාව ඔහු ප්‍රතික්ෂේප කළ අතර ශ්‍රී ලංකාවේ දශක ගණනාවක් පැරණි සංවේදි හා සංකිර්ණ ගැටලු විසඳීම සඳහා කාලරාමුවක් ලබාදීම යුක්ති සහගත නොමැති බව ඔහු ප්‍රකාශ කළේය.

සෛවරී රටක් ලෙස ශ්‍රී ලංකාව තමන්ගේ ජනතාවගේ සුබ සාධනය වෙනුවෙන් මූලිකවම කටයුතු කළ යුතුව ඇතැයි ඔහු සඳහන් කළේය. ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම සමග සමීපව කටයුත කරන බවත් ශ්‍රී ලංකාවේ විවිධත්වය අගය කරමින් සමාන අයිතිවාසිකම්, යුක්තිය වැනි කරුණුවලට ගරු කරමින් සමෘධිමත් රටක් ගොඩනැගීමට කටයුතු කරන බවත් ඔහු සඳහන් කළේය.

මේ අතර එක්සත් රාජධානිය ඇතුළු රටවල් කිහිපයක් ශ්‍රී ලංකාවේද සම අනුග්‍රහය සහිතව ඉදිරිපත් කරන යෝජනාව අද (21දා) මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කිරිමට නියමිතව තිබේ.

More from Hot News

ලංකාව ගැන වාර්තාව මානව හිමිකම් කවුන්සිලයට

එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරියගේ කාර්යාලය මඟින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් සකස් කරන ලද වාර්තාව අද(20) මානව හිමිකම් කවුන්සිලයේ 40 වන සැසිවාරයට ඉදිරිපත් කර තිබේ. එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය විසින් මෙරට සංහිදියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය සම්බන්ධයෙන් මිට … read more

මහින්දගේ අත්සනින් ජිනීවා යෝජනාවලිය ගැන ජනාධිපතිට ලිපියක්

ජීනිවාහි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසියට ඉදිරිපත් කොට ඇති ශ්‍රී ලංකාව. සම්බන්ධ යෝජනාවේ අන්තර්ගත කරුණු පිළිබද අවධානය යොමුකරන ලෙස දක්වමින් පක්ෂ නායකයින් විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකර තිබේ. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව දිනේෂ් ගුණවර්ධන, මහාචාර්ය ජී.එල්.පීරිස්, … read more

දේශපාලනයට සමුදෙන්න රත්තරන්ගෙන් තීරණයක්

සිය මන්ත්‍රී ධුරයෙන් හා සියලුම දේශපාලන ක්‍රියාකාරකම්වලින් තමා ඉවත්වන බව දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර මහතා පවසයි. අද (18) උදෑසන ගාල්ලේ පැවැත් වු මාධ්‍ය හමුවකට එක්වෙමින් ක්‍රිෂාන්ත පුෂ්පකුමාර හෙවත් රත්තරන් මේ බව පවසා තිබේ. පසුගිය දිනවල තමා කෙරෙහි එල්ල … read more

කිරිපිටි මිල ඉහළට

ආනයනික කිරිපිටි මිල ඉහළ නැංවිමට පාරිභෝගික අධිකාරිය අවසර ලබාදි තිබේ. කර්මානත් හා වාණිජ කටයුතු හා සමූපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසුවේ ආනයනික කිරිපිට කිලෝග්‍රෑමයක මිල රුපියල් 60කින් සහ ග්‍රෑම් 400 කරි පැකට්ටුවක මිල රුපියල් 25කින් ඉහළ නැංවිමට සමාගම්වලට අවසර … read more

ජගත් පරිසර සමුළුවට ජනපතිගෙන් නව යෝජනා හතරක්

සුරක්ෂිත පරිසරයක ජීවත්වීමට ඇති අයිතිය සහතික කිරීම සහ තිරසර ගෝලීය ආර්ථික දර්ශක මත පදනම් වූ පරිසර හිතකාමී ආර්ථික ප‍්‍රවණතා හ`දුන්වාදීම අද දවසේ සියලූදෙනාගේ ප‍්‍රධාන වගකීමක් වී ඇති බව ජනාධිපතිතුමා පවසයි. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව ප‍්‍රකාශ කළේ කෙන්යාවේ නයිරෝබි … read more

ශ්‍රීලනිපය-පොහොට්ටුව අතර පළමු නිල සාකච්ඡාව ඇරඹෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදු ජන පෙරමුණ අතර නව සන්ධානය සම්බන්ධයෙන් වන පළමු නිල සාකච්ඡා මේ වන විට ආරම්භවී ඇත දෙපාර්ශ්වයේ නියෝජිතයින් මේ වන වි විපක්ෂ නායකවරයාගේ කාර්යාලය වෙත පැමිණ ඇති බව වාර්තා වෙයි. සාකච්ඡාව සඳහා සහභාගී විමට නිදහස් … read more

අයවැය තෙවන වර කියවීම අද

2019 වර්ෂය සඳහා අයවැය තෙවන වර කියවීමේ විවාදය හෙවත් කාරක සභා අවස්ථා විවාදය අදින් (13) ආරම්භ වීමට නියමිතයි. අද සිට අප්‍රේල් 05 වනදා දක්වා අයවැය කාරක සභා විවාදය පැවැත්වෙන අතර එදිනම අයවැය තෙවන වර කියවිමේ ඡන්ද විමසීම පැවැත්විමට නියමිතයි. 2019 … read more

අයවැය ඡන්ද විමසීම අද

2019 අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද(12) පැවැත්වීමට නියමිතව තිබේ. පසුගිය 05 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මෙවර අයවැය දෙවන වර කියවීමේ විවාදය අද දිනෙන් අවසන් වීමට නියමිතයි. ඒ අනුව අද පස්වරුවේ දෙවන වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව … read more

ඉන්ධන මිල අද සංශෝධනය වන ලකුණු

ඉන්ධන මිල සංශෝධනය කිරීමට අදාළ ඉන්ධන මිල කමිටුව අද(11) දිනයේ රැස්වීමට නියමිතව තිබේ. මාසිකව සිදුවන ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මිල කමිටුව රැස්වීමට නියමිත බව මුදල් අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය. ලෝක වෙළදපොළේ බොරතෙල් බැරලයක මිල අනුව මෙරට ඉන්ධන … read more