Sports

පාල් රොක්ස් කණ්ඩායම අවසන් මහා තරගයට

දකුණු අප්‍රිකාවේ සාන්සි සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට පාල් රොක්ස් කණ්ඩායම සමත් වුණි.

ඒ නෙල්සන් මැන්ඩෙලා බේ ජයන්ට්ස් කණ්ඩායම පරාජයට පත්කරමින්ය.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් පාල් රොක්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 5ක් දැවී ලකුණු 168ක් රැස් කළේය.

එහිදී කැමරන් ඩෙල්පෝට් පන්දු 22කදි රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 39කි.

ඉසුරු උදාන පන්දු 21කදී ලකුණු 27යි.

ලකුණු 169ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි නෙල්සන් මැන්ඩෙලා බේ ජයන්ට්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 6ක් දැවී රැස් කරගත හැකිවූයේ ලකුණු 156ක් පමණයි.

එහිදී හෙයිනෝ කුන් ලකුණු 58ක් රැස් කළේය.

පන්දු යැවීමේදී ෆෙරිස්කො ඇඩම්ස් ලකුණු 36කට කඩුළු 3ක් දවා ගත්තේය.

More from Sports

සුරංග ලක්මාල් ඉවතට – වේග පන්දු යවන යොවුන් ක්‍රීඩකයෙක් ඇතුළට

ශ‍්‍රී ලංකාවේ වේග පන්දු යවන කී‍්‍රඩක සුරංග ලක්මාල් පකිස්තානු ටෙස්ට් තරග සංචාරයෙන් ඉවත් කර තිබෙනවා. ඒ ඩෙංගු උණ රෝගය වැළඳීම හේතුවෙන් බවයි වාර්තා වුණේ. ශ‍්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානයේ ස්ලාමාබාද් නුවරට ඊයේ (09) ළගා වූ අතර ඩෙංගු උණ වැලඳී තිබීම හේතුවෙන් … read more

ශ්‍රී ලංකාව සාග් ඉතිහාසය වෙනස් කරයි

13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාවට ඊයේ (08) ඉතිහාසයේ පළමු වරට මල්ලව පොර ඉසව්වෙන් රන් පදක්කම් 02 ක් හිමි වුණා. මෙම පදක්කම් 02 ම හිමි වූයේ කාන්තා මල්ලව පොර ඉසව්වෙන් වීම විශේෂත්වයක්. කිලෝග්‍රෑම් 65 බර පන්තියෙන් දිල්හානි … read more

කාන්තා ක්‍රිකට් රන් පදක්කම වෙනුවෙන් ශ්‍රී ලංකාව අද සාග් තරඟ බිමේ

13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් ඉසව්වේ රන් පදක්කම වෙනුවෙන් ශ්‍රී ලංකාව අද (08) තරඟ වදිනවා. ඒ, බංග්ලාදේශයට එරෙහිවයි. හර්ෂිතා මාධවීගේ නායකත්වය යටතේ මෙවර දකුණු ආසියානු ක්‍රීඩා උලෙළට එක්වූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මූලික වටයේ තරඟයකදී බංග්ලාදේශ … read more

මැතිව් අබේසිංහ සාග් පිහිනුම් පිටියේ රන් දඩයමක

13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ඊයේ (05) පස්වරුවේ පැවති පිහිනුම් ඉසව්වලින් රන් පදක්කම් 02 ක් දිනා ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ මැතිව් අබේසිංහ සමත් වුණා. ඒ, මීටර් 200 නිදහස් ආර සහ මීටර් 100 සමනළ ආර යන ඉසව්වලින්. මීටර් සියය … read more

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩිකාවන් සාග් පිටිය හොල්ලයි

13 වන දකුණු ආසියානු කී‍්‍රඩා උළලේ මාලදිවයින සමග ඊයේ පැවති විස්සයි විස්ස කි‍්‍රකට් තරගයේදී වාර්තා පිට වාර්තා පිහිටුවීමට ශී‍්‍ර ලංකා කාන්තා කි‍්‍රකට් කණ්ඩායම සමත් වුණා. මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශී‍්‍ර ලංකා කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුළු 2 ක් දැවී … read more

මලල ක්‍රීඩා පළමු රන් පදක්කම නිලානිගෙන්

නේපාලයේ පැවැත්වෙන සාග් ක්‍රීඩා උළෙලේ මීටර් 1500 කාන්තා ධාවන ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ නිලානි රත්නායක සමත්වූවාය. එය මෙවර සාග් තරගාවලියේ මලල ක්‍රීඩා ඉසව්වලින් ශ්‍රී ලංකාවට හිමිවූ පළමු සාග් රන් පදක්කම මෙය වෙයි. read more

දකුණු ආසියානු කී‍්‍රඩා උළෙලේදී වොලිබෝල් කණ්ඩායම් දැඩි පසුබෑමකට

නේපාලයේ කත්මණ්ඩු නුවර පැවැත්වෙන 13 වැනි දකුණු ආසියානු කී‍්‍රඩා උළෙලේදී ශ‍්‍රී ලංකා කාන්තා සහ පිරිමි වොලිබෝල් කණ්ඩායම් දැඩි පසුබෑමකට ලක්ව සිටිනවා. ඉකුත් දකුණු ආසියානු කී‍්‍රඩා උළෙලේ රිදී පදක්කම් ලබාගත් එම කණ්ඩායම් 02 ට මෙවර සිදුව ඇත්තේ ලෝකඩ පදක්කම සඳහා තරග … read more

එක්දින තරගාවලියට පාකිස්තානයට නොගිය ක්‍රීඩකයෝ ටෙස්ට් තරගාවලියට යති

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම අතර පාකිස්තානයේ පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් තරාගලිය සඳහා එක්වන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබේ. දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතය සඳහා ක්‍රීඩකයන් 16ක් ඇතුළත් වෙයි. මීට ඉහතදි පාකිස්තානයේ පැවැති එක්දින … read more

මාලිගේ සහ කසුන්ගේ සහයෙන් මරාතා කණ්ඩායම ජයග්‍රහණය කරා යයි

අබුඩාබිහි පැවැති T10 තරගාවලියේ ශුරතාව දිනාගැනීමට මරාතා ඇරබියන්ස් කණ්ඩායම ඊයේ (24) රාති‍්‍රයේ සමත් වුණා. ඒ, ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම පරාජය කරමින්. අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ මරාතා ඇරබියන්ස් කණ්ඩායම වෙනුවෙන් ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් ලසිත් මාලිංග, කසුන් රාජිත සහ දසුන් ශානක … read more