Sports

ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ලංකාවට දීමට වැඩි කැමැත්ත

ආසියානු කුසලාන පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගාවලියේ සත්කාරකත්වය සම්බන්ධයෙන් අවසන් තීරණය. ලබන 9 වැනිදා ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.

ඒ එදින පැවැත්වෙන ආසියානු කි‍්‍රකට් කවුන්සිලයේ රැස්වීමේදීයි. වීඩියෝ තාක්ෂණය ඔස්සේ මෙම රැස්වීම පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඉකුත්දා පැවති ආසියානු කි‍්‍රකට් කවුන්සිල රැස්වීමේදී මෙවර ආසියානු කුසලාන කි‍්‍රකට් තරගාවලියේ සත්කාරකත්වය ශී‍්‍ර ලංකාවට ලබාදීම සදහා බහුතරයකගේ එකගතාව පළ වුණා.

ඒ, මෙවර ආසියානු කුසලාන තරගාවලියේ සත්කාරකත්වය දැරීමට නියමිතව සිටි පාකිස්තානය, පවතින තත්ත්වය හමුවේ එය ශ‍්‍රී ලංකාවේදී එම තරගාවලිය පැවැත්වීමට කැමැත්ත පල කිරීමත් සමගයි.

More from Sports

අලී – ජොනී දෙදෙනාම එංගලන්ත සංචිතයෙන් හැළෙති

ලබන සතියේදී බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගය සඳහා නම්කරන ලද ක්‍රීඩකයන් 13 දෙනෙකුගෙන් යුත් එංගලන්ත සංචිතයෙන් මොයින් අලි සහ ජොනී බෙයාර්ස්ටෝ යන දෙදෙනාම ඉවත්කර තිබේ. ටෙස්ට් පිටියෙන් තරමක විවේකයක් ලබා සිටි පිට දඟ පන්දු යවන මොයින් අලී නැවතත් … read more

වේග පන්දු යවන ගේබ්‍රියල් කොදෙව් සංචිතයට

බටහිර ඉන්දීය කොදෙව් වේග පන්දු යවන ක්‍රීඩක ෂැනන් ගේබ්‍රියල් එංගලන්තය සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලිය සඳහා නම් කළ කොදෙව් සංචිතයට ඇතුළත් කර තිබේ. ඒ ඔහුගේ ශාරීරික යෝග්‍යතාවය යහපත් මට්ටමක පැවතීම හේතුවෙනි. 32 හැවිරිදි ෂැනන් ගේබ්‍රියල් පසුගිය වසරේ ඉන්දියාව සමග පැවැති … read more

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කාලසටහනේ ආරම්භය තවත් ඈතට ඇදෙයි

ඕස්ට්‍රේලියාව සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර අගෝස්තු මස 9 වැනිදා සිට 15 වැනිදා දක්වා ඕස්ට්‍රේලියාවේදී පැවැත්වීමට නියමිතව තිබූ එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය කොරෝනා වසංගතය හේතුවෙන් කල්දැමීමට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය පියවර ගෙන තිබේ. මෙම තරගාවලිය කල්දැමීමත් සමගම ඕස්ට්‍රේලියානුවන්ගේ අන්තර්ජාතික තරග කාලසටහනේ … read more

ඌව ප්‍රිමියර් ලීග් තරගාවලිය කුමක් ද? SLC දූෂණ මර්දන ඒකකයටත් දැනුම්දෙයි

ඌව ප්‍රිමියර් ලීග් නැමැති විස්සයි-20 ක්‍රිකට් තරගාවලියක් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන බවට ඇතැම් ඉන්දීය වෙබ් අඩවි විසින් ප්‍රචාරය කරමින් සිටින නමුත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හෝ ඒ හා අනුබද්ධ ආයතනයක් එවැනි ක්‍රිකට් තරගාවලියක් පිළිබඳව කිසිඳු දැනුවත්භාවයක් හෝ කිසිදු සම්බන්ධයක් නොමැති බව … read more

එංගලන්ත ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය බෙන් ස්ටෝක්ස්ට

බටහිර ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරඟයේදී එංගලන්ත කණ්ඩායමේ නායකත්වයට බෙන් ස්ටෝක්ස් පත් කර තිබේ. ඒ, ජෝ රූට් පුද්ගලික කරුණක් හේතුවෙන් පළමු ටෙස්ට් තරඟයෙන් ඉවත්වීමත් සමගය. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත … read more

ක්‍රිකට් තරඟ පාවාදීමේ චෝදනාව – ප්‍රකාශයක් දීමට තරංග පැමිණේ

ශ්‍රී ලංකා කි‍්‍රකට් ක‍්‍රීඩක උපුල් තරංග කී‍්‍රඩා වැරදි සම්බන්ධ විමර්ශන ඒකකය වෙත පැමිණ තිබේ. ඔහු අද (01) උදෑසන 10.15ට පමණ ක්‍රීඩා අමාත්‍යාංශයට පැමිණි බව වාර්තාවේ. 2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරඟයේදී තරඟ පාවාදීමක් සිදුවූ බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ … read more

තිලංගට මහේලගෙන් සැර පිළිතුරක්

2011 ලෝක කුසලාන අවසන් මහා තරගය පාවා දුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍යවරයෙකු වන මහින්දානන්ද අලුත්ගමගේ මහතා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් ලබා දුන් බව ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. 2011 ලෝක කුසලාන ක්‍රිකට් … read more

බංග්ලාදේශ කි‍්‍රකට් නායකයාටත් කොරෝනා

බංග්ලාදේශ ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මෂ්රෆි මොටාසාට නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වීතිබෙනවා. ඊයේ සිදු කළ පරික්ෂණවලදී එම වෛරසය ඔහුට ආසාධනය වී ඇති බවට තහවුරු වූ බවයි ඔහුගේ පවුලේ සාමාජිකයින් පවසා ඇත්තේ. ඒ අනුව නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වූ මෂ්රෆි මොටාසා … read more

24 ක සංචිතයක් පල්ලෙකැළේට

කොරෝනා වයිරසයේ බලපෑමෙන් පසුව පුහුණුවීම් ආරම්භ කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දෙවැනි නේවාසික පුහුණු සැසිය ක්‍රීඩකයන් 24 දෙනකුගේ සහභාගිත්වයෙන් ලබන 22 වැනිදා පල්ලෙකැළේදී ආරම්භ වේ. එය කෝවිඞ් -19 ව්‍යාප්තිය පාලනය කිරීම සම්බන්ධයෙන් රජයේ සෞඛ්‍ය බලධාරීන් විසින් නිකුත් කරන ලද නිර්දේශ … read more