Focus News

එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයෙක් අද දිවයිනට

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ වාර්තාකරු ක්ලෙමෙන්ට් නයලෙට්සෝසි වුල් මහතා සංචාරයක් සදහා අද (18) දිනයේ දිවයිනට පැමිණිමට නියමිතව ඇත.

ඔහු දින 09ක කාලයක් මෙරට රැදී සිටින අතර ශ්‍රී ලංකාවේ වර්තමානයේ පවතින තත්ත්වය පිළිබඳව අධ්‍යයනය කිරිමට නියමිත බවයි වාර්තා වෙයි.

මෙරට ප්‍රජා අවකාශය පුළුල් කිරිම ශක්තිමත් සහ ස්වාධින ආයතන පිහිටුවිම සහ රට තුළ සත්‍ය හා සංහිදියාව වැනි කරුණු සම්බන්ධයෙන් කැපී පෙනෙන දියුණුවක් ලබා ගැනිම සදහා ප්‍රසංශනීය උත්සහයක් දක්නට ලැබෙන බව වුල් මහතා පවසයි.

මෑත කාලීන ඛේදජනක පාස්කු ත්‍රස්ත ප්‍රහාරය ඇතුළු වැදගත් අභියෝගයන්ට රට මුහුණදීමට සිදුවී ඇති අවස්ථාවකදී මහජන නිදහස තවදුරටත් ශක්තිමත් කිරිම සඳහා මෙම සංචාරය ඉවහල් වනු ඇති බව ක්ලෙමෙන්ට් වුල් මහතා පෙන්වා දෙයි.

ඔහු සිය සංචාරය තුළදී රජයේ නිලධාරින්, අධිකරණ, ව්‍යවස්ථාදායක, මාධ්‍ය, සිවිල් සමාජ හා වෘත්තිය සමිතිවල නියෝජිතයින් මෙන්ම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ද හමුවීමට නියමිතව ඇත.

සිය සංචාරය තුළදී උතුරු නැගෙනහිර සහ දකුණු පළාතේ ද සංචාරය කිරීමට වුල් මහතා සැලසුම් කර ඇති බව වාර්තා වෙයි.

හදිසි නීති සම්පාදනය කිරිමේ සන්ධර්භය තුළ අයිතිවාසිකම් සඳහා පනවා ඇති සීමාවන් සාමකාමීව එක්රැස්වීමේ නිදහස යන ගැටළු පිළිබඳව එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු සංචාරය තුළදී අධ්‍යයනය කිරිමට නියමිතව ඇත.

ලබන වසරේ ජුනි මාසයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 44 වන සැසිවාරයට සිය සංචාරය පිළිබඳව වුල් මහතා විසින් විශේෂ වාර්තාවක් ඉදිරිපත් කිරීමට ද නියමිතයි.

More from Focus News

සියළු ආගමික ස්ථානවලට නොමිලේ විදුලිය දෙනවා -රවී

සියලුම ආගමික ස්ථානවලට ඉදිරියේදී නොමිලේ විදුලිය ලබාදීමට කටයුතු කරන බව විදුලිබල බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඉදිරි මාස කිහිපය තුළ රජයක් වශයෙන් සියලු ආගමික ස්ථානවලට විදුලිය නොමිලේ ලබාදීමට හැකි වෙතැයි බලාපොරොත්තු වන බවයි. … read more

පොලිසිවල දුවන වාහන ගැන දයාසිරිගෙන් අනාවරණයක්

දිවයිනේ සියලු පොලිස් ස්ථානවල රථවාහන සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බව. පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර පෙන්වා දෙනවා. ඔහු පෙන්වා දෙන්නේ පොලිස් ස්ථානවල පවතින රථවාහන සඳහා දුම් සහතික, ආදායම් බලපත්‍රය හෝ රක්ෂණ සහතිකය නොමැති බවයි. හෙතෙම මේ බව සඳහන් කළේ කොළඹ ශ්‍රී ලංකා … read more

පොහොට්ටුවේ නායකයා මහින්ද-ජනපති අපේක්ෂකයා ගෝඨා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකය ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා. පත්කරන බවත් එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පත්කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතා පවසයි. අද(17) කොළඹ පැවති මාධ්‍ය හමුවකට සහභාගීවෙමින් මන්ත්‍රීවරයා මේ … read more

ජනාධිපතිවරණය තියන්න බැරිනම් පාර්ලිමේන්තුව විසුරුවන්න-නාමල්

පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණ කල් දැමූ ආකාරයට ජනාධිපතිවරණයද. කල් දැමීමේ සූදානමක ආණ්ඩුව නිරත වෙමින් සිටින බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඊයේ(16) සිදුකළ ජනතා හමු කිහිපයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් … read more

ආණ්ඩුව පවතින්නේ ණයට-දිනේෂ්

මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් විරුද්ධ පක්ෂය ඕනෑම අවස්ථාවක. මැතිවරණයකට සූදානම් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. හංවැල්ල ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. වර්තමානයේ රටේ අනාගතය අවිශ්වාස … read more

UNPය දැන් කණ්ඩායම්වලට වෙන් වෙලා-මනෝ

ජනාධිපති අපේක්ෂකයා මුල්කර ගනිමින් එක්සත් ජාතික පක්ෂය තුළ මතභේදකාරි. තත්ත්වයක් හටගෙන ඇති බව අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි. කොළඹ පැවති ක්‍රීඩා උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වු අමාත්‍යවරයා පැවසුවේ පක්ෂය තුල … read more

නිදහස් පක්ෂයට පොහොට්ටුවෙන් පොරොන්දුවක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එකඟතාවකින් තොරව ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට. පත් නොකරන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තම පක්ෂයට දැනුම්දී ඇති බව මහින්ද අමරවීර මන්ත්‍රීවරයා පවසයි. හම්බන්තොටදී ඊයේ (16) මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්ණ හමුවේ පිලිතුරු ලබාදෙමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය. මන්ත්‍රීවරයා … read more

සජිත්ගෙන් හම්බන්තොටට සංස්කෘතික සංචාරක කලාපයක්

දිවයිනේ දිස්ත්‍රික්ක 5ක් මුල් කරගනිමින් සංස්කෘතික සංචාරක කලාපය ඉදිරි සති කිහිපය. තුළදී ප්‍රකාශයට පත් කරන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි. හම්බන්තොට කසාගල ඊයේ(16) පැවැති උත්සවයකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. සසුනට අරුණ වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ 1026ක වියදමකින් හම්බන්තොට … read more

පක්ෂයේ ගෞරවය ආරක්ෂා වන ක්‍රියාමාර්ගයකට එළඹෙනවා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගෞරවය ආරක්ෂා වන ක්‍රියාමාර්ගයකට ඉදිරියේදී එළඹෙන බව එම පක්ෂයේ හිටපු මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි. මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය. පක්ෂ දෙක අතර සිදු වු 6වන සාකච්ඡා වටයෙදී ඉදිරීයෙදි … read more