Focus News

අපිට අභියෝගයක් නෑ-කනක

එක්සත් ජාතික පක්ෂය තුළ ඇතමුන් ජනාධිපති අපේක්ෂකත්වය ලබාගැනිමට කුමන්ත්‍රණ සිදුකරමින් සිටින බව එක්සත් ජානතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා පවසයි.

රුවන්වැල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් මන්ත්‍රීවරයා ඒ බව සඳහන් කළේය.

ඕනෑම පක්ෂයකින් ඕනෑම නායකයෙකු ඉදිරිපත් කළ ද ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ තම පක්ෂයට අභියෝගයක් නැති බව කනක හේරත් මහතා පැවසීය.

රට පුරා බැනර් කටවුට් ගසා හෝ පුවත්පත්වල ප්‍රචාරය සිදු කරමින් තමන් විසින්ම චරිතය පුම්බා ගැනීමට ගෝඨාභය රාජපක්ෂ මහතාට අවශ්‍ය නැති බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පළමු කතාවෙන්ම ඔහු ප්‍රකාශ කලේ බැනර් කටවුට් මඟින් දේශපාලන ප්‍රචාර සිදු කරමින් පරිසර දූෂණය අවශ්‍ය නොවන බවත් යන්න ඒ මහතා සිහිපක් කර සිටියේය.

More from Focus News

ආරක්ෂිත නායකත්වයක් එනකල් රට ගැන අවදියෙන් සිටිය යුතුයි-විමල්

රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ජනතාව ඉදිරියේ මේ මොහොතේ සිටින සුදුසුම නායකයා ගෝඨාභය රාජපක්ෂ මහතා බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතා පවසයි. සීදුව රද්දොළුගම ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් මන්ත්‍රීවරයා ඒ බව සඳහන් කළේය. උතුරේ ජනතාවට මෙන්ම … read more

ත්‍රිරෝද රථයක ගැටුණු අයෙක් ජීවිතක්ෂයට

තිරප්පනේ පොලිස් වසමේ තිරප්පනේ නගරයේ දී තිරප්පනේ නගරයේ සිට කැකිරාව දක්වා ධාවනය වු ත්‍රිරෝද රථයක් මාර්ගයේ ගමන් ගත් පුද්ගලයෙකුගේ ගැටී සිදුවු අනතුරකින් එම පුද්ගලයා මියගොස් ඇත. අනතුර සිදුවීමෙන් පසුව අනුරාධපුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහු මියගොස් ඇති බව වාර්තා වෙයි. … read more

ගෝඨාභය දැන් 100% ශ්‍රීලාංකිකයි – නාලක ගොඩහේවා

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කිරීමේ කටයුතු මේ වනවිට සම්පූර්ණයෙන් අවසන් වී ඇති බව ආචාර්ය නාලක ගොඩහේවා මහතා පවසයි. ජා ඇල ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් නාලක ගොඩහේවා මහතා ඒ බව සඳහන් කළේය. අමෙරිකානු පුරවැසිභාවය ඉවත් … read more

රාජිත කුමන්ත්‍රණවලට දක්ෂ නියම බඩුවක්-රෝහිත

අපේක්ෂකයෙක් තෝරාගැනීමට නොහැකිව එක්සත් ජාතික පක්ෂය අර්බුධයට ලක්ව ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි. කළුතරදී අද මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය. “යූ එන් … read more

නියත වශයෙන්ම ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා-සජිත්

මෙවර ජනාධිපතිවරණයට තමන් නියත වශයෙන්ම ඉදිරිපත් වන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි. සැමට සෙවණ ව්‍යාපෘතිය යටතේ දියත් කෙරුණු තවත් වැඩසටහනකට ඊයේ එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. සැමට සෙවණ ව්‍යාපෘතිය යටතේ දියත් වන … read more

සන්ධානයෙන් එන අපේක්ෂකයාත් එජාප කෙනෙක්

ඉදිරි ජනපතිවරණය සඳහා ඉදිරිපත් වන එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය හා පාර්ලිමේන්තු කණ්ඩායම එක්ව තීරණය කරන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. “පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය හා පාර්ලිමේන්තු කණ්ඩායම තමයි අපේක්ෂකයා තෝරන්නේ. විවධ අදහස් … read more

ගෝඨා මැදමුලනට

ගෝඨාභය රාජපක්ෂ මහතා අද(17) උදෑසන මැදමුලන තම උපන් ගමේ විහාරස්ථානය වන මැදමුලන පල්ලෙමුලන ශ‍්‍රී ධර්ම ගිරි ගිරුවා සඳ විහාරස්ථානයට පැමිණියේය. එහිදී පල්ලෙමුලන ධර්ම ගිරි ගිරුවා සඳ විහාරස්ථානයේ විහාරාධිපති තංගල්ල ධම්මතිලක පිරිවෙනේ නියෝජ්‍ය පරිවේණාධිපති සපුගස්යායේ ධම්මානන්ද නාහිමි බැහැදැක සුවදුක් විචාලේය. අනතුරුව … read more

තලේබාන් නායකයාගේ සහෝදරයෙකු බෝම්බ ප්‍රහාරයකින් මරුට

පාකිස්ථානයේ ඉස්ලාම් දේවස්ථානයකට එල්ල කළ බෝම්බ ප්‍රහාරයකින් මියගිය අය අතර ඇෆ්ගනිස්ථානයේ තලේබාන් නායකයාගේ සහෝදරයෙකු ද සිටින බව වාර්තා වී ඇත. මෙසේ මියගොස් ඇත්තේ තලේබාන් නායක හයබතුල්ලා අක්හුන්සාදාගේ සොහොයුරා වන හෆීස් අහමදුල්ලා වන අතර තලේබාන් නායකයාගේ පුත්‍රයා ද ප්‍රහාරයෙන් තුවාල ලබා … read more

මම ජනපති අපෙක්ෂකයෙක් නෙමෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජනාධිපති අපේක්ෂකයා ලෙස තමා නම් කිරීමට නියමිත බවට පුවත්පත්වල පලවන වාර්තා අසත්‍ය බව උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන් මහතා පවසයි. ඔහු පවසන්නේ දයාසිරි ජයසේකර මහතා සිදු කළ ප්‍රකාශයක් වැරදි ලෙස අර්ථකතනය කරමින් ඇතැම් පුවත්පත් … read more