Lanka Focus News

58කට සුවයි

58කට සුවයි

අද (31) උදෑසන 10 වන විට කොරෝනා ආසාදිතයින් 58 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 2391ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවකයෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ (30) හඳුනාගැණුණි.

මේ අතර ඊයේ දිනය තුළ තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් තිදෙනෙකු හඳුනාගෙන තිබේ.

තුර්කියේ සිට පැමිණි විදේශිය ජාතිකයෙකු, එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ සහ කටාර් හි සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු එම ආසාදිතයින් අතර වේ.

ඒ අනුව මෙර සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2814 ක් බව වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේය.

ඔවුන්ගෙන් තවදුරටත්ආසාදිතයන් 412 දෙනෙක් වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටියි.

administrator

    Related Articles

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    Close
    Please support the site
    By clicking any of these buttons you help our site to get better
    shares