Lanka Focus News

කොල්කටා නයිට් රයිඩර්ස් IPL අවසන් තරඟයට

කොල්කටා නයිට් රයිඩර්ස් IPL අවසන් තරඟයට

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත්ව තිබේ.

ඒ ඊයේ (13) දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමග පැවති තරඟය කඩුලු තුනකින් ජයගැනීමත් සමගය.

තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් දිල්ලි කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු පහක් දැවී ලකුණු 135ක් ලබාගැනීමට සමත්විය.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි කොල්කටා කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 5ක් තුළ කඩුලු 07ක් දැවී ලකුණු 136ක් ලබාගනිමින් ජයග්‍රහණය වාර්තා කළේය.

ඒ අනුව අවසන් තරඟය හෙට (15) කොල්කටා කණ්ඩායම සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතය.

administrator

    Related Articles

    Close
    shares