Lanka Focus News

23කට සුවයි

23කට සුවයි

අද (15) උදෑසන 10 වන විට කොරෝනා ආසාදිතයින් 23 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ථ ආසාදිතයින් ගණන 3,380ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අයි.ඩී.එච්, වැලිකන්ද, ඉරණවිල සහ හම්බන්තොට යන රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් පිරිසක් මෙලෙස සුවය ලබා පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේය.

අද වන විට කොරෝනා ආසාදිතයින් 5,170ක් මෙරටින් හඳුනා ගෙන ඇති අතර, ඉන් පුද්ගලයින් 1,777ක් රෝහල් ගතව ප්‍රතිකාර ලබයි.

එමෙන්ම සැකකටයුතු රෝග ලක්ෂණ පෙන්නුම් කරන රෝගීන් 322 දෙදෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන බවද වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

administrator

    Related Articles

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    Close
    shares