Lanka Focus News

21 අදත් කැබිනට් මණ්ඩලයේ සාකච්ඡාවට

21 අදත් කැබිනට් මණ්ඩලයේ සාකච්ඡාවට

අමාත්‍ය මණ්ඩල රැස්වීම අද (13) දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ.

අද පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩල රැස්වීම පැවැත්වෙනු ඇත.

අද දිනයේ දි 21වන සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ඇති බව අධිකරණ අමාත්‍ය ආචාර්යය විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කළේය.

21වන සංශෝධනය පසුගිය සතියේ පැවැති අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ අතර එය සාකච්ඡා කිරීම මෙම සතිය දක්වා කල් දැමුණි.

කෙසේවෙතත් අද දිනයේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දි 21 වන ව්‍යවස්ථා සංශෝධනයට කැබිනට් අනුමැතිය හිමිවනු ඇති බව දේශාපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

administrator

Related Articles