සමගි ජන බලවේගයේ රජයක් මගින් මත්ද්‍රව්‍ය උවදුර මෙරටින් තුරන් කිරීම සඳහා ජාතික මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට සූදානම් බව එහි නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ඔහු මේ බව සඳහන් කළේ, දෙහිවල ප්‍රදේශයේ පසුගිය (27) පැවති ජනහමුවක් අමතමිනි.
මහ මැතිවරණයේදී සමගි ජන බලවේගයේ ජය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධාන කළ ජනහමුවක් පසුගිය (27) පස්වරුවේ දෙහිවල සරණංකර ක්‍රීඩාංගණයේදී පැවැත් විය.
එහිදි ජනතාව ඇමතු සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ සිංගප්පූරුවේ මෙන් නීතිරීති මෙරට තුළ ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පැවසුවේ 2025 වසර වන විට “සැමට සෙවණ” ලබා දීමට කටයුතු කරණ බවය.