Lanka Focus News

20 කෙටුම්පතට කළයුතු වෙනස්කම් හඳුනාගත්තා – අමාත්‍ය උදය ගම්මන්පිල

20 කෙටුම්පතට කළයුතු වෙනස්කම් හඳුනාගත්තා – අමාත්‍ය උදය ගම්මන්පිල

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ දැනට ගැසට් මගින් ප්‍රසිද්ධ කර ඇති ලේඛනයේ වෙනස් විය යුතු කරුණු පිළිබඳ යම් නිර්දේශ හඳුනාගෙන ඒවා ලිඛිතව සකස් කරන බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව සොයා බැලීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පත්කළ කමිටුව ඊයේ (14) සවස රැස්වී සාකච්ඡා කර තිබේ.

ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මේ බව සඳහන් කළේය.

“තීන්දුවකට එළඹුණා බෙදීම් සිදුවෙනවානම් බෙදීම් ඇතිවන්නේ කෙසේද කියලා අපි සඳහන් කරන්නේත් නැහැ, ඒවාගේම අපි එළඹෙන නිගමන අපි දැනුම්දෙන්නේ ජනාධිපතිතුමාට අගමැතිතුමාටත් පමණයි,” යනුවෙන් අමාත්‍යවරයා පැවසීය.

“දැනට ගැසට් මගින් ප්‍රසිද්ධ කර ඇති ලේඛනයට වෙනස් විය යුතු කාරණා පිළිබඳව අපි යම් යම් නිර්දේශ හඳුනාගත්තා ඒවා ලිඛිතව සකස් කරනවා, අවසාන වශයෙන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සාමුහිකව තීන්දු කළ යුතුයි වෙනස් කිරීම්වලට භාජනය කරනවාද නැද්ද යන්න,“ යනුවෙන් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා වැඩිදුරටත් පැවසීය.

administrator

    Related Articles

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    Close
    shares