Lanka Focus News

20ට පක්ෂ වූ SJB මන්ත්‍රීන්ට වෙනම ආසන දෙන්න – කිරිඇල්ල කථානායකට දන්වයි

20ට පක්ෂ වූ SJB මන්ත්‍රීන්ට වෙනම ආසන දෙන්න – කිරිඇල්ල කථානායකට දන්වයි

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහය පළ කළ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සිය පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමෙන් පරිබාහිර ස්ථානයක අසුන් ලබාදෙන ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

කථානායකවරයා වෙත ලිපියක් යොමු කරමින් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසන්නේ අදාළ මන්ත්‍රීවරුන් පිරිසට පාර්ලිමේන්තු සභා ගර්භය තුළ ආණ්ඩු පක්ෂයේ අසුන් පැනවීමට කටයුතු කරන ලෙසය.

ඩයනා ගමගේ
අරවින්ද් කුමාර්
ෂාක් රහුමාන්
යිසාල් කාසිම්
එච්.එම්.එම්. හාරීස්
එම්.එස්. තව්ෆීක්
නසීර් අහමඩ්
එස්.එම් රහීම්
එම්.එම් මුෂාරෆ්

ඉහත නම් සඳහන් සමගි ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරීපත්වූ මන්ත්‍රීවරුන් 20වන ව්‍යවස්ථා සංශෝධනයට අදාළව පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්දය ලබාදුනි.

administrator

    Related Articles

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    Close
    shares