Lanka Focus News

ෆොන්සේකා සහ චමල් පාර්ලිමේන්තුවේ දී උණුසුම් වචන හුවමාරුවක

ෆොන්සේකා සහ චමල් පාර්ලිමේන්තුවේ දී උණුසුම් වචන හුවමාරුවක

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා විසින් සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් අද (08) උදෑසන පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් හට ගත්තේය.

ඒ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසිවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ඇති වු සංවාදයන් ලෙස බලා සිටිය දී තමාට ද එවැනි අත්දැකීමක් ඇති බව පවසමින් සරත් ෆොන්සේකා මහතා කළ ප්‍රකාශයක් සමගය.

එයට පිළිතුරු දුන් අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සහ සරත් ෆොන්සේකා මහතා අතර උණුසුම් වචන හුවමාරුවක් ද සිදුවිය.

සරත් ෆොන්සේකා මහතා – “මට කැලෑ උසාවියකින් යුද හමුදාවේ දඬුවමක් දුන්නා. මාස 8ක් හිරකරගෙන හිටියා. රිමාන්ඩ් භාරයේ. ඒ දඬුවම දුන්නාම අපි උසාවි 3කට ඇපීල් කරා. ඇපීල් 3ම තියෙද්දීත් මට දඬුවම දුන්න දවසේ ඉදලා මෙතෙන වාඩිවෙලා ඉන්න කථානායකවරයා මට පාර්ලිමේන්තුවට එන්න දුන්නේ නෑ. “

අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා – “තමුන්නාසේට පාර්ලිමේන්තු එන්න අවසර දුන්නේ මමයි. තමුන්නාසේගේ තීන්දුව පොත්වල තියෙන තීන්දුව සලකා බලලා තමයි කටයුතු කළේ. තමුන්නාසේට දුන්නේ නැද්ද මේකට එන්න. පාර්ලිමේන්තු එන්න අවසර දුන්නේ නැද්ද?

එම වචන හුවමාරුවෙන් අනතුරුව පාර්ලිමේන්තුව විනාඩි 5ක කාලයක් සඳහා කථානායකවරයා විසින් කල්තැබිණි.

administrator

    Related Articles

    Close
    shares