සමස්ත ලංකා අන්තර් පළාත් පාසැල් ළමුන් ප්‍රවාහන සේවා සංගමය හෙට (26) සිට ධාවනයෙන් ඉවත්වීමට තීරණය කර තිබේ.
සමස්ත ලංකා අන්තර් පළාත් පාසැල් ළමුන් ප්‍රවාහන සේවා සංගමයේ සභාපති රුවන් ප්‍රසාද් මහතා සඳහන් කළේ දෙමාපියන්ගේ සහ දරුවන්ගේ බිය නැති කිරීමට වැඩපිළිවෙලක් සකස් කළ යුතු බවය.
“අද දිනයේත් අපි ඉතා සාර්ථක ලෙස වාහන කිහිපයක් ධාවනයේ යෙදෙව්වා. නමුත් හෙට වෙනකොට අපිට දුවන්න ක්‍රමයක් නෑ. ඒ නිසා අපි හෙට දිනයේ ධාවනයෙන් ඉවත් වෙනවා. ඒකට විසඳුම තියෙන්නේ දෙමාපියන්ගේ සහ දරුවන්ගේ බිය නැති කිරීම තුළයි. අපි ජනාධිපතිතුමාගෙන් සහ අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඉල්ලන්නේ මේකට මැදිහත් වෙලා දෙමාපියන්ගේ සහ දරුවන්ගේ බිය නැති කිරීමට පියවර ගන්න කියලා. මොකද පාසල් පද්ධතිය තිබුණොත් තමයි අපේ ආදායම් මාර්ග දියුණු වෙන්නේ,” යනුවෙන් ද රුවන් ප්‍රසාද් මහතා පැවසීය.