Lanka Focus News

‘‘සෞභාග්‍යමත් රටක් කිරීමට ආ ආණ්ඩුව ජනතාවට ඇඳුමත් නැති කරන්න හදනවා‘‘

‘‘සෞභාග්‍යමත් රටක් කිරීමට ආ ආණ්ඩුව ජනතාවට ඇඳුමත් නැති කරන්න හදනවා‘‘

රට සෞභාග්‍යමත් කිරීමට පැමිණි රාජපක්ෂ ආණ්ඩුව සීමා නීති පනවමින් ජනතාවට ඉතුරු වී තිබෙන යට ඇඳුමත් ගැලවීමට කටයුතු කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ශණ හර්ෂණ රාජකරුණා මහතා පවසයි.

ආණ්ඩුවේ අසාර්ථක ප්‍රතිපත්ති රට පත්ව ඇති අර්බුදවලට හේතු වී ඇතැයි ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

“රුපියලේ අගය පවත්වාගෙන යන්න මහ බැංකුව භාණ්ඩ 623කට ආනයන කරද්දි 100%ක් එල්.සී. අරිනවිට මුදල් තැන්පත් කිරීමේ අවශ්‍යතාවයක ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි දී අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ කියන්නේ මොනවද ඒ සඳහා ජංගම දුරකථන රූපවාහිනී ශීතකරණ ලෙස නම් කරලා එහිදී ජංගම දුරකථන අත්‍යවශ්‍ය නොවන භාණ්ඩයක් ද කියලා අපි අහනවා. මේ රටේ ජංගම දුරකතන නිෂ්පාදනය කිරීමත් සිදු කරන්නේ නැහැ. මේ අය ආණ්ඩු ගත්තෙ තාක්ෂණික යුගයකට රට ගෙනියනවා කියලා. ඒ විතරක් නෙමෙයි යට ඇඳුමත් අද අත්‍යවශ්‍ය නොවන භාණ්ඩයක් බවට පත් කරලා.

මේ ආණ්ඩුව ජනතාවට ඉතුරුවෙලා තියෙන යට ඇඳුමත් ගලවන්නයි හදන්නේ. ඒ නිසා මේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති සාර්ථක වෙන්නේ නැහැ .

administrator

    Related Articles

    Close
    shares