සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේදයන් අනුගමනය නොකර ධාවනය කරන බස්රථ සොයා දිවයින පුරා වැටලීම් සිදුකිරීමට සැළසුම්කර ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය.
ඔහු පවසන්නේ එම වැඩපිළිවෙල ලබන සතියේ සිට ක්‍රියාත්මකවන බවය.
සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද කඩකරමින් මගී ප්‍රවාහනය කළ බස්රථ 05ක මාර්ග බලපත්‍ර අහෝසි කිරීමට ද මේ වනවිට කටයුතු කර ඇති බව දිලුම් අමුණුගම රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය