Lanka Focus News

සුවය ලැබු සමස්ථ ආසාදිතයින් ගණන 3000 ඉක්මවයි

සුවය ලැබු සමස්ථ ආසාදිතයින් ගණන 3000 ඉක්මවයි

අද (14) උදෑසන 10ය වන විට කෙරෝනා ආසාදිතයින් 9 දෙනෙක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ථ ආසාදිතයින් ගණන 3005ක් දක්වා ඉහළ ගොස් තිබේ.

විදෙස් ගතව සිට පැමිණි පුද්ගලයින් 39 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස ඊයේ (13) දිනය තුළ හඳුනාගෙන තිබේ.

ඒ අනුව මෙරට සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 3,234 දෙනෙකු බව වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේය.

කටාර් හි සිට පැමිණි 16 දෙනෙකු , එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි 12 දෙනෙ, කුවේට් රාජ්‍යයේ සිට පැමිණි 06දෙනෙකු සහ මාලදිවයිනේ සිට පැමිණි දෙදෙනෙකු කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ලෙස මෙලෙස හඳුනා ගෙන ඇත.

මීට අමතරව ඉතියොපියාවේ සිට පැමිණි අයෙක්, තායිලන්තයේ සිට පැමිණි යුක්ක්‍රේන ජාතිකයෙකු සහ රතු මුහුද ආශ්‍රතව සිට පැමිණි මුහුදු ආරක්ෂකයෙකු ආසාදිතයන් අතර වේ.

මේ වන විට කොවිඩ් නයින්ටීන් රෝගීන් 217 දෙනෙකු රෝහල්ගත ව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

administrator

    Related Articles

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    Close
    shares