Lanka Focus News

සුදු ලූනු වංචාවේ පිරිසට ඇප

සුදු ලූනු වංචාවේ පිරිසට ඇප

සුදුලූනු වංචාව සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත් කර සිටි ලංකා සතෝස නිලධාරින් සිව් දෙනා සහ ව්‍යාපාරිකයා එක් අයකුට ලක්ෂයක මුදල් හා රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරිර ඇප දෙකක් මත මුදා හරින්නැයි වත්තල මහේස්ත්‍රාත් හේෂාන් ද මෙල් මහතා නියෝග කළේය.

සැකකරුවන්ට විදේස් ගත වීම තහනම් කළ මහේස්ත්‍රාත්වරයා විදෙස් ගමන් බලපත්‍ර අධිකරණයට බාර දෙන ලෙස ද නියෝග කළේය.

සෑම මසක අවසන් ඉරු දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙසද සැකකරුවන්ට නියෝග කෙරිණි.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් නොකළ අතර සූම් තාක්ෂණය හරහා මෙම නඩුව විභාගය ගැනුණි.

administrator

    Related Articles

    Close
    shares