Lanka Focus News

සීනි බදු සංශෝධනයෙන් වුණු දේ

සීනි බදු සංශෝධනයෙන් වුණු දේ

සීනි බදු සංශෝධනයේ දී එහි වාසිය පාරිභෝගිකයින්ට කිසිසේත්ම ලැබී නොමැති බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති අනුර ප්‍රියදර්ශන යාපා මහතා අවධාරණය කර ඇත.

සීනි බදු සංශෝධනයේ දී එහි වාසිය පාරිභෝගිකයින්ට හිමිවන්නේ ද යන්න අපක්ෂපාතී හා විමර්ශනාත්මක වාර්තාවක් ලබාදෙන ලෙස රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට දැනුම් දී තිබුණි.

මුදල් අමාත්‍යාංශය විසින් පසුගිය වසරේ ඔක්තෝබර් මස 13 වනදා ගැසට් පත්‍රයක් මගින් ආනයනික සීනි කිලෝග්‍රෑමයක් සඳහා එතෙක් රුපියල් 50ක් ව පැවති බදු මුදල ශත 25ක් දක්වා සංශෝධනය කරනු ලැබීය.

administrator

    Related Articles

    Close
    shares