Lanka Focus News

සිනොවැක් කොවිඩ් මර්දන එන්නත චීනයේ දරුවන්ට ලබාදීමට අනුමැතිය

සිනොවැක් කොවිඩ් මර්දන එන්නත චීනයේ දරුවන්ට ලබාදීමට අනුමැතිය

ළමුන් සඳහා සිනොවැක් බයෝටෙක් කොවිඩ් මර්දන එන්නත හදිසි භාවිතය සඳහා චීනය තුළ අනුමැතිය හිමිව තිබේ.

සිනොවැක් එන්නත සම්බන්ධයෙන් සිදුකළ පළමු සහ දෙවන සායනික අත්හදාබැලීම්වල දී අවුරුදු 3ත් 17ත් අතර වයස් කාණ්ඩවල පසුවන ළමුන් සඳහා ඉහළ ප්‍රතිශක්තීකරණයක් ලබාදෙන බවට අනාවරණය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව අවුරුදු 3 ත් 17 ත් අතර වයස කාණ්ඩවල පසුවන ළමුන් සඳහා සිනොවැක් බයෝටෙක් එන්නත හදිසි භාවිතයට අනුමැතිය හිමිව තිබේ.

චීනයේ අවුරුදු 18 ට වැඩි පුද්ගලයින් සඳහා දැනටමත් සිනොවැක් කොවිඩ් එන්නත ලබාදෙන අතර මේ වනවිට එම එන්නත් මාත්‍රා මිලියන 723 ක් ලබා දී ඇති බව සඳහන්ය.

administrator

    Related Articles

    Close
    shares