Lanka Focus News

සිඟිති දියණියව ඝාතනය කළ පියාට මරණ දඬුවම

සිඟිති දියණියව ඝාතනය කළ පියාට මරණ දඬුවම

තම දියණිය ඝාතනය කළ පියෙකුට නුවරඑළිය මහා අධිකරණ විනිසුරු ප්‍රමිල රත්නායක මහතා විසින් මරණ දඩුවම (04) දින නියම කර තිබේ.

මෙසේ මරණ දඩුවම නියම කරනු ලැබුවේ, නුවරඑළිය රාගල හල්ගන්ඔය ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි දෙදරු පියෙකුට ය.

2014.10.24 දින රාත්‍රී තම නිවසේ දී වයස අවුරුදු තුනහමාරක් වයසැති දියණියගේ ගෙල සිරකර ඝාතනය කිරිමේ චෝදනාව යටතේ චුදිතයාට මරණ දඬුවම නියම කර තිබේ.

චුදිතයාගේ බිරිඳ කුවෙට් රාජ්‍යයේ ගෘහසේවය සඳහා 2014 වසරේ දී විදෙස්ගත වී ඇති අතර එහිදී ඇය මෙරට තරුණයෙකු සමග අනියම් සබඳතාවයක් පවත්වා ගෙන ගොස් ඇත.

ඇය සිය ස්වාමියාට හා ඔහුගේ දරුවන්ට නොසලකා හැරීම හේතුවෙන් විරසක වී සිටි ස්වාමියා මෙලෙස සිය දියණියගේ ගෙල සිරකර ඝාතනය කර ඇතැයි අනාවරණය වී තිබේ.

රාගල පොලීසිය විසින් ඝාතනය සම්බන්ධයෙන් නුවරඑලිය මහ අධිකරණයේ දී මෙම නඩුව පවරා තිබුණි.

administrator

    Related Articles

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    Close
    shares