Lanka Focus News

සවුදියෙනුත් වාර්තාගත කොරෝනා ආසාදිතයින් පිරිසක්

සවුදියෙනුත් වාර්තාගත කොරෝනා ආසාදිතයින් පිරිසක්

කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග වාර්තාගත ආසාදිතයින් පිරිසක් වාර්තා වන රටවල් අතරට අද සවුදි අරාබියත් එක්වුණා.

ඒ, කොවිඩ් වසංගතයේ ආරම්භයෙන් පසු මෙතෙක් සවුදියෙන් වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් පිරිස අද වාර්තා වීමත් සමගයි. ඒ අනුව අද දිනයේදී සවුදියෙන් 5,000 කට අධික කොරෝනා ආසාදිතයින් පිරිසක් වාර්තා වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ අතර බෙල්ජියමෙන් ද අද වාර්තා ගත කොරෝනා ආසාදිතයින් පිරිසක් වාර්තා වී තිබෙනවා.

එරටින් වාර්තා වූ ආසාදිතයින් ගණන 80, 000 කට අධිකයි. කොවිඩ් වසංගතයේ ආරම්භයෙන් පසුව බෙල්ජියමෙන් වාර්තා වූ වැඩිම දෛනික කොරෝනා ආසාදිතයින් පිරිස එය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ අතර බල්ගේරියාවෙන් 7000 කට අධික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන අතර එය ද වාර්තා ගත අගයක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ අතර එළඹෙන මාස 02 තුලදී යුරෝපානු වැසියන්ගෙන් සියයට 50 කට පමණ ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනය වීමේ අවදානමක් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අද අනතුරු ඇගවීමක් සිදුකළා.

රතු කුරුස සංවිධානය පවසන්නේ ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තිය දකුණු ආසියානු කලාපයේ රෝහල් පද්ධතියට බලපෑම් එල්ල කරනු ඇති බවයි.

administrator

Related Articles