Lanka Focus News

සමුගත් මංගල සිහි කළ හිටපු ජනපතිනී

සමුගත් මංගල සිහි කළ හිටපු ජනපතිනී

මීට තුන් මසකට පෙර අභාවප්‍රාප්ත වූ හිටපු අමාත්‍යවරයෙකු වන මංගල සමරවීර වෙනුවෙන් හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ෆේස්බුක් ගිණුමේ සටහනක් යොදා තිබේ.

එම සටහන පහතින්.

ආදරණීය මංගල!

වඩා යහපත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීම වෙනුවෙන් සිදුවන සෑම සටනකම ඔබ ජීවත් වනු නිසැකය. නිදහස, අවංක පාලනයක්- සියලු දෙනා එක්සත් කළ, විවිධත්වය ගරු කරන රටක්- දේශපාලඥයන්ට නොව ජනතාවට සැබැවින්ම සලකන පාලන ක්‍රමයක්- මේ සියල්ලේ සංඛේතය ඔබයි.

අසාධාරණය, දූෂණය සහ භීෂණයට එරෙහිව නැගී සිටින සියල්ලන්ගේ හදවත්වල සහ ක්‍රියාවන්වල ඔබ ජීවත් වනු ඇත.

නිවන් දකින්නට පෙර සසර ගමනේ ඔබ- අප සිහින දකින ලද වැදගත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීම වෙනුවෙන් කරන සටනට එක්වීමට නැවත අප අතරට පැමිණෙන්න.

administrator

    Related Articles

    Close
    shares