Lanka Focus News

සමගි ජනබලවේගයේ පක්ෂ නායකයෝ රැස්වෙති

සමගි ජනබලවේගයේ පක්ෂ නායකයෝ රැස්වෙති

සමගි ජනබලවේගයේ පක්ෂ නායක රැස්වීමක් පවත්වා තිබේ.

ඊයේ (18) රාත්‍රියේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී මෙම රැස්වීම පැවති බව වාර්තා වේ.

විපක්ෂ නායක සජිත් ‍ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම සාකච්ඡාව සඳහා හවුල්කාර පක්ෂවල නායකයින් එක්වා සිට තිබේ.

මෙම සතියේදී දින දෙකක් පමණක් පාර්ලිමේන්තුව පැවැත්වීම සහ එහිදී සාකච්ඡා කළ යුතු කරුණු පිළිබඳව එම පක්ෂ සාකච්ඡාවේදී අවධානය යොමුව ඇති බව සඳහන් වේ.

මෙහිදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පවසා සිටියේ,“සතියේ දවස් දෙකක් තමයි පැවැත්වෙන්නේ. ඒ දවස් දෙකේ වැඩසටහන තමයි ප්‍රධාන වශයෙන් සාකච්ඡා කෙරේ. දවස් දෙකක් පාර්ලිමේන්තු තියලා දවස් දෙකක් නතර කරපු එක අපිට ප්‍රශ්නයක්. “ යනුවෙනි.

පාර්ලිමේන්තු මන්ත්‍රි ජේ.සී අලවතුවල මහතා පවසා සිටියේ, “විපක්ෂයක් හැටියට අපි තීන්දුවක් ගත්තා බඩු මිල ජනතාව ඔරොත්තු දෙන්නේ නැති විදියට ඉහළ ගිහින් ඒ ගැන කථා කරන්න සාකච්ඡා කර ගත්තා.“ ලෙසය.

administrator

    Related Articles

    Close
    shares