Lanka Focus News

සනීපාරක්ෂක තුවාවල බදු වැඩි වුණේ නෑ – වෙළඳ ඇමති

සනීපාරක්ෂක තුවාවල බදු වැඩි වුණේ නෑ – වෙළඳ ඇමති

සනීපාරක්ෂක තුවාවල පවත්නා මිල ගණන් ඒ ආකාරයෙන්ම ස්ථාවරව පවතින බව වෙළෙඳ අමාත්‍යාංශයේ දී ඊයේ (25) පැවැති සාකච්ඡාවකදී අනාවරණය විය.

එහිදී නිෂ්පාදකයින් පවසා ඇත්තේ සනීපාරක්ෂක තුවා සඳහා පසුගිය රජය විසින් පනවන ලද 30%ක බදු ප්‍රමාණය මෙවර අයවැය මඟින් 15%කින් අඩු කරන ලද අතර ඉතිරි ප්‍රමාණය 15%ක සෙස් බද්දක් ලෙස පනවා ඇති බවය.

එහෙත් වෙළෙඳපොලට නිකුත් කරන සනීපාරක්ෂක තුවාවල පවත්නා මිල ගණන් වෙනස් වී නොමැති බව ඔවුන් පෙන්වා දී තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් වෙළෙඳ අමාත්‍යාංශය පැවසුවේ, 2018 වසරේදී පනවා තිබූ සනීපාරක්ෂක තුවා කිලෝග්‍රෑමයක් සඳහා රු.300/= ක ආනයන බද්ද නැවත පනවන ලෙස ද දේශීය සනීපාරක්ෂක තුවා නිෂ්පාදකයන් විසින් ඉල්ලීමක් කළ බවය.

කෙසේවෙතත් ඊට ප්‍රතිචාර දක්වමින් වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පෙන්වා දී ඇත්තේ ඉල්ලුමට සරිලන සැපයුම 100%ක්ම සිදුකිරීමට දේශීය නිෂ්පාදකයින්ට ඇති හැකියාව තුළ සනීපාරක්ෂක තුවා ආනයනය සඳහා කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවය.

administrator

    Related Articles

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    Close
    shares