Lanka Focus News

සජිත් හිටපු ජනපතිනිය හමුවෙයි

සජිත් හිටපු ජනපතිනිය හමුවෙයි

විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා සහ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අතර විශේෂ හමුවක් කොළඹදී ඊයේ (23) සිදුවිය.

හිටපු ජනාධිපතිනියගේ නිවසේදී පැවති මෙම හමුවේදී ලෝක ව්‍යසනයක්ව පවතින කොරෝනා උවදුර පිළිබඳව විශේෂ අවධානය යොමු විය.

කොරෝනා වසංගතය දේශීයවත් ජාත්‍යන්තරවත් බරපතල ව්‍යසනයක් බවට ඇති තත්ත්වයක් තුල එයින් උද්ගතව ඇති අභියෝග පිළිබඳවත් ඒවා ජයගතයුතු ආකාරය පිළිබඳවත් එහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ගැණිනි.එමෙන්ම ශ‍්‍රී ලංකාවට උචිත ජාතික පාරිසරික ප‍්‍රතිපත්තියක් සැකසීමේ වැදගත්කම පිළිබඳව ද එහිදී අවධානය යොමවිය.ලෝකය පුරා උද්ගතව ඇති දේශගුණික විපර්යාස පිළිබඳව ද ඔවුහු එහිදී අදහස් හුවමාරු කරගත්හ.

administrator

    Related Articles

    Close
    shares